Print this Article


ලේක්හවුස් බැතිගී මෙවරත්


ලේක්හවුස් බැතිගී මෙවරත්

ලේක්හවුස් ආයතනය සංවිධානය කරන බොදු බැතිගී ප්‍රසංගය ලේක්හවුස් මන්දිරය අබියසදී මෙම මස 21,22 දෙදින පැවැත්වේ. 21 වන දා සහ 22 වන දා පස්වරු 6.30 ට ලේක්හවුස් සේවක සේවිකාවන් ඉදිරිපත් කරන බැති ගී ගායනා සහ අනතුරුව ටවර් හෝල් පදනම ඉදිරිපත් කරන බොදු බැති ගී ද ප්‍රකට ගායක ගායිකාවන් ඉදිරිපත් කරන බුදු බැති ගී ද ලේක්හවුස් මන්දිරය අබියසදී පැවැත්වේ.

එම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද සහභාගි වේ.

21,22 දෙදින තුළ ලේක්හවුස් බෞද්ධ සංගමය මෙහෙයවන කඩල සහ කොත්තමල්ලි දන්සල ද පැවැත්වේ.

ලේක්හවුස් පරිශ්‍රය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කෙරෙනු ඇත.