Print this Article


ගංගාරාම විහාරස්ථානය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය


ගංගාරාම විහාරස්ථානය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය සංවිධානය කෙරේ. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය මැයි මස 21, 22, 23, 24, 25 දිනයන්හිදී ගංගාරාම විහාරස්ථානය අරලියගහමන්දිරය බේරේවැව, වටරවුම් පාර, බේරේවැව ආශි‍්‍රතව වෙසක් මංගල්‍ය පැවැත්වේ. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ )උපදෙස් පරිදි පැවැත්වේ.

වෙසක් පහන් කූඩු නිර්මාණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, තරුණ සේවා සභාව, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය,ටවර්හෝල් පදනම, කොළඹ නගරයේ පාසල් දරුවන්, නිර්මාණ ශිල්පීන්, ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ දරුවන්, නර්තන කණ්ඩායම් බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ "බුදුසරණ" ට පැවැසූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරය තුළ තිබෙන උත්සව ශාලාවේ දී පකිස්ථානයේ තක්ෂිලා නුවරින් වැඩමවන සර්වඥ ධාතූන් වහන්සේලා සහ නීලගිරි මහා සෑයෙන් වැඩමවනු ලබන ධාතුන් වහන්සේලා තැන්පත් කර ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බවද අස්සජි හිමියෝ පැවැසූහ.

අලංකාර වෙසක් පහන්කූඩු ඉතා විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරෙන අතර පහන් කූඩු තරගයේ ජයග්‍රාහකයන් සඳහා වටිනා ත්‍යාග පිරිනැමේ. 1, 2, 3 ස්ථාන සඳහා ත්‍යාග ලෙස වාහන පිරිනැමෙන අතර දිරිගැන්වීම සඳහා සියලු දෙනා වෙත විවිධ ත්‍යාග ලබාදීමට කටයුතු යොදා ඇත. බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය නැරඹීම සඳහා විදේශීය පිරිස්ද පැමිණෙනු ඇත. එම වෙසක් කලාපය තුළ තොරණ් හා දන්සැල් ද නෘර්ති ගී, බැති ගී ආදියද පැවැත්වේ.