Print this Article


පිහිට පතයි

පිහිට පතයි

රජයේ හමුදා නිලධාරියකු වන එම්.ආර්.ආර්.එස්. ගනේගොඩ මහතා වකුගඩු අකර්මන්‍යතාවයෙන් පෙළෙන අතර ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධකළ යුතු බව හමුදා රෝහලේ වෘක්කවේදී වෛද්‍ය නිලධාරිතුමා නිර්දේශ කර ඇත. පරිත්‍යාගශීලි දායකයකු පහත අංකයට දැනුම් දීමක් කරන ලෙස ඉල්ලීමක් කෙරේ. 0718162950

***

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කොට විශ්‍රාම ලබා ඇති ටී.ඩී.පී. මෙන්ඩිස් වන අය දරුණු වකුගඩු රෝගයට ලක්ව පසු වන බැවින් එම රෝගය නිට්ටාවටම සුව කර ගැනීමට නම් ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ මතය වී ඇතැයි කියයි. එබැවින් ඔහුට බී පොසිටිව් බී. හෝ ඕ පොසිටිව් ඕ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි පරිත්‍යාගශීලි අයෙකු වේනම් පහත සඳහන් දුරකථන අංක වලට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

දුරකථන අංක – 0342277141 , 077-8636809

***

දංකොටුව, දුම්මලකොටුව, කැටකෑලගහවත්ත පදිංචි නිරංජන් චමින්ද වෙත වකුගඩු බද්ධ කිරීමක් සිදු කළ යුතු බවට වෛද්‍ය නිර්දේශය වී ඇතැයිද එබැවින් ඔහුට අවශ්‍ය බී පොසිටිව් වර්ගයේ හෝ ඕ වර්ගයේ වකුගඩුවක් ලබා ගැනීමට පරිත්‍යාගශීලියෙකු වෙතින් අපේක්ෂා කරන අතර වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

077-4480232/077-5845740