Print this Article


2016 මහර කඩවත වෙසක් කලාප උත්සවය

2016 මහර කඩවත වෙසක් කලාප උත්සවය

මහර කඩවත වෙසක් කලාපය වැඩසටහන මෙවර උත්සවය 2016 මැයි මස 21,22,23,24 යන දිනවල පස්වරු 6.00 සිට පසුදින අලුයම දක්වා දිනපතා පැවැත්වේ. මේ සඳහා ජනාධිපතිතුමා ,අග්‍රාමාත්‍යතුමා, කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයින් සහභාගිවීමට නියමිතය.

මේ සඳහා වෙසක් භක්ති ගීත තරග, වෙසක් පහන්කූඩු සහ වෙසක් නිර්මාණ තරග, දන්සැල් ධර්ම දේශනා, සර්වඥධාතු, ප්‍රදර්ශන, ඇස්, ශරීර පටක දන්දීම්, ලේ දන්දීම් බෝධිපූජා, ජාතක කථාවස්තු සහිත රූකඩ දර්ශන ආදී විවිධ අංග සම්බන්ධ කර ඇති අතර රුපියල් මිලියන තුනක (රු.3 000,000/-) මුදල් ත්‍යාග ජයග්‍රාහකයින් අතර බෙදා දීමට බලාපොරොත්තු වේ. මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2010 වසරේ සිට එම උත්සවය පවත්වා ගෙන එනු ලැබේ.