UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර පසළොස්වක 2016.04.21

සූදානම් වෙමු

බක් මහ සියලු සිත් සතන් සනහන පියකරු මාසයකි. ශාන්ති නායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහියට නංවන මාසයකි. අපේ රට දෙවන වරටත් සම්මා සමුබුදු පියාණන් වහන්සේගේ පාදශ්පර්ශය ලද ඓතිහාසික මාසයකි. සම්මා සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී තථාගතයන් වහන්සේ නාගදීපයට වැඩම කළ ඓතිහාසික මාසයයි.

සිදුහත් කුමරා උයන් ක්‍රීඩාව සඳහා පිටත්ව යන අවස්ථාවේ දී සතර පෙර නිමිති අතර, මහල්ලකු දුටුයේ ද බක් මහ පුන් පොහොය දිනයකදීය.

බුදුපියාණන් වහන්සේ සුද්ධෝදන පියමහ රජතුමා ඇතුළු කිඹුල්වත්පුර වැසියනට නිවන් සුව ළඟාකර දෙනු පිණිස විසි දහසක් මහ සඟරුවන පිරිවරා මැදින් පෝදා ගමන් අරඹා පියවි ගමනින් හැට යොදුන් ගමනින් තිස් යොදුනක් ගමන අවසන් කළේ ද බක් මහේ පුර පසළොස්වක පෝදාකය. එසේ කල්පනාකර බලන විට අසිරිමත් බුදු සිරිතේ ඓතිහාසික කරුණු කීපයක් අනුස්මරණය කැරෙන දිනයකි.

බක් මහේ පුර පසළොස්වක පොහොය දිනයට දින කීපයකට පෙර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරුවේය. එම අලුත් අවුරුද්ද උදාවී ගත වූයේ දින කීපයක් පමණි. අලුත් අවුරුද්ද උදාව නිමිත්තෙන් හෙළ සිරිතට අනුව ආදරණීය මවුපිය දෙපළට බුලත් අතක් පිළිගන්වා වැඳ නමස්කාර කිරීමට සෑම දරුවෙක්ම මවුපියවරු ළඟට ගියේය. එසේ පිටත්ව යනවිට මවුපිය දෙපළට වගේම ගෙදරට අවශ්‍ය බොහෝ දෑ රැගෙන යාමද සිරිතය. ඒ අතර අලුත් රෙදිපිළි රැගෙන යාමද අලුත් අවුරුද්දේ මුලික සිරිතකි. අලුත් අවුරුද්දේ ආදරණීය මවගෙන් හෝ පියාගේ දෑතින් බත් පිඬක් හෝ අනුභව කිරීම ද චාරිත්‍රයකි.

වසරකට වරක් උදාවන අලුත් අවුරුද්දේ දී පමණක් නොව අවුරුද්ද පුරා සැලකිය යුතු දෙපළකි ආදරණීය අම්මා හා තාත්තා. ඇතැම් විට කලාතුරකින් හෝ දරුවකු තම මවුපිය දෙපළට නොසලකා හැරියහොත් ඒ මවුපිය දෙදෙනාට මොනතරම් වේදනාවක් කනගාටුවක් ඇතිවේද යුතුකම් සහ වගකීම් නිසි අයුරෙන් ඉටු කරන දරුවන් සිය මවුපිය දෙපළ පණ මෙන් සුරැකීමට ද කටයුතු කරති. ඇතැම් විට නිවසේ ගරාජය හෝ වෙනත් නුසුදුසු ස්ථානයක් මවුපිය දෙපළගේ වාසස්ථානය වුවහොත් ඒ මවුපිය දෙපළට මොනතරම් සිත්වේදනාවක් ඇතිවේද

පාරම්පරිකව පැවත එන හෙළ සංස්කෘතිකාංග ආරක්ෂාවටත්, පෝෂණයටත් ඉවහල් වනුයේ ඒවා නොපිරිහෙලා ඉටු කිරීම මඟිනි. ලැබුවා වූ අලුත් අවුරුද්දේ නරක සිරිත් මඟහරවා ගැනීමට බලවත් අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ යුතුව ඇත. බාහිර සමාජයේ පෙනුමට ජීවත්වීමට වඩා බෞද්ධයා හැමවිට ලද දෙයින් සතුටු වී යහපත් සිතුම් පැතුම් ක්‍රියාවට නඟමින් ආදර්ශවත් ජීවිතයක්ම ගත කළ යුතුව ඇත. අවුරුදු දා නෑගම් යාම මෙන්ම අසල්වාසින් සමඟ හොඳ හිත ආරක්ෂාකර ගැනීම ද අවුරුද්ද පුරා කළ යුතුව ඇත. පටු වාදභේද පසෙක ලා අන්‍යෝන්‍ය සුහදතාවයෙන්ද ක්‍රියා කරන විට හොඳහිත වර්ධනය වේ. නිවසක් තුළ එබඳු යහගුණ වර්ධනය වන විට එය ගමක් පාසා වර්ධනයවීමෙන් රටේම යහපතට එය හේතුවනු ඇත. යහගුණ ඉටු කිරීමට අලුත් අවුරුද්ද උදාවන තෙක් බලා සිටිය යුතු නොවේ. අවුරුද්ද පුරා මනුෂ්‍යයාට යහපත් දෙයම සිදු කළ හැකි නම් එය යහපත් හා වාසනාවන්ත වසරක් වනු ඇත.

බක් පුර පසළොස්වක ගෙවීයත්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය වන ඓතිහාසික වෙසක් පොහොය උදාවෙයි. මේ වසරේ උදාවන්නේ 2560 ශ්‍රී බුද්ධ වර්ෂයයි. වෙසක් පොහොය ප්‍රතිපත්ති පුජාවට මුල්තැන දී ක්‍රියා කිරීමට උනන්දු විය යුතුය. වෙසක් පෝදා ශීල සමාදානාදී පින්කමිහි නිරත වෙමින් ජීවිතයේද අනුස්මරණීය දිනයක් බවට එය පත් කරගත යුතුව ඇත.

එබඳු ප්‍රතිපත්ති පූජාවකට කල්තියා සූදානම්වීමෙන් වෙසක් දිනය අර්ථවත් දිනයක් බවට පත්කර ගැනීමට අපහසු නොවනු ඇත.

 

 බක් පුර පසළොස්වක පෝය

අප්‍රේල් 21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.20 ට ලබයි. 22 වනදා සිකුරාදා පූර්ව භාග 10.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 21 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 30 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]