Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ගොඩපරගහවත්ත, හල්පිට, පොල්ගස්ඕවිට අංක 36/118 දරණ නිවසේ පදිංචි ඉවෝන් මල්කා සමරසිංහ ගුණවර්ධන මහත්මිය දරුණු වකුගඩු රෝගයකට ගොදුරු වී සිටින බවත්, දැනට මහනුවර වකුගඩු රෝහලේ ප්‍රතිකාර ලබන ඇයගේ ස්වාමියා ජීවතුන් අතර නොමැති පාසල් යන දරු දෙදෙනකුගේ මවක් වන ඇයට ‘ඕ’ පොසිටිව් ලේ වර්ගයට සමාන ලේ වර්ගයකින් යුත් වකුගඩුවක් අවශ්‍ය කර ඇති බවත්, වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් වෙතොත් 071-0911382 දුරකථන අංකයට හෝ 011-4276124 දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ඩී. ආර්. පී. රාජපක්ෂ මහතාට මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය මත ඉන්දියාවේ චෙන්නායි ග්ලෝබල් මහ රෝහලේ දී වකුගඩු බද්ධ කිරීමට කටයුතු යොදා ඇත. එම සැත්කම සඳහා රුපියල් ලක්ෂ 20ක මුදල් අවශ්‍යව ඇති අතර, මූල්‍යම ආධාර බී. බුද්ධරක්ඛිත හිමි, ගිණුම් අංක 4387909 ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් බැර කළ හැකිය. 011-2778610-9/ 077-1158921/ 071-1715059 යන දුරකථන අංකවලට සවස 6න් පසුව අමතා දැනුම් දෙන මෙන් ඉල්ලා සිටී.


අංක 114/10, මෝබ්‍රේ පාර, හිඳගල, මහකන්ද පදිංචි , ඩබ්. කේ. ගුණරත්න යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත්, දැනට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, දෙදරු පියකු වන ඔහුට “ඒ” පොසිටිව් හෝ “ඕ” පොසිටිව් වකුගඩුවක් අවශ්‍ය කර ඇත.

එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වෙත්නම්, 071-6274071 දුරකථන අංකයට හෝ 072-3693919 අමතන ලෙස ඉල්ලීමක් කැරේ.


දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අයකුට “බී” පොසිටිව් වර්ගයේ හෝ “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇති අතර, යම් පරිත්‍යාගශිලියෙක් වෙතොත් 077-9905695 දුරකථන අංක හෝ 072–4349985 අමතන ලෙස බිරිඳ ඉල්ලා සිටී.


අංක 301/01, අශෝකාරාම මාවත, ආඩියම්බලම, කටුනායකහි පදිංචි, ඩබ්. එම්. අනෝරා දිල්රුක්ෂි මහත්මිය හදිසි අනතුරකට ලක්ව දකුණු පාදයේ දණහිස සමඟ පහළ කොටස ඇයට අහිමි විය. වම් පාදයේ ද ඇන 12ක් සමඟ තහඩුවක් දමා ඇත.

ඇයට කෘතිම පාදයක් ලබා ගැනීම සඳහා විශාල මුදලක් අවශ්‍ය බව කියයි. ස්වාමියාට ද ස්ථිර රැකියාවක් නොමැති අතර, ඔවුන් ජීවත්වනුයේ ද කුලී නිවසකය. එහෙයින් මෙවන් වූ විශාල මුදලක් සොයාගැනීමට අපහසු බැවින් පරිත්‍යාගශීලි ඔබට හැකි පමණ මුදලක් සම්පත් බැංකුව මිනුවන්ගොඩ ශාඛාවේ අංක 106553474882 ඩබ්. එම්. පී. වික්‍රමසිංහ ගිණුමට බැර කරන මෙන් ඉල්ලා සිටී. දුරකථන අංක 072-3457469/076-7305158


අංක 55, පොලිස් බංගලාව පාර, මොරගල්ල, බේරුවල යන ලිපිනයේ පදිංචි ටී. ඩී. පී. මෙන්ඩිස් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, දැනට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුට බී පොසිටිව් හෝ බී නෙගටිව් වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 077-8636809/034-2277141/078-6778241 යන දුරකථන අංකයෙන් විමසීමක් කරන ලෙස ඉල්ලා සිටී.