UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දන්ගම්පල බෝධිමළු විහාරය

දන්ගම්පල බෝධිමළු විහාරය

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දන්ගම්පල ග්‍රාමය දුෂ්කර ප්‍රදේශයක් වුවද, දෙපැත්තකින් විහිදී යන කඳු පන්තිවලිනුත්, එක් පැත්තකින් ගලා යන සීතාවක ගඟෙනුත්, අනෙක් පැත්ත තේ, රබර් වතු යාය වලිනුත් මායිම්වීම නිසා මෙම ගම රමණීය ප්‍රදේශයකි. දන්ගම්පල, දිගල, අල්ගොඩ යන ගම්වලට පන්සලක අඩුව පිරිමැහෙන්නේ මේ විහාරස්ථානයෙනි.

ලොකු හාමුදුරුවන්ගේ ඉල්ලීමට අනුව ස්වාමීන් වහන්සේ නොමැති මේ පන්සල වසර විසි තුනකට පෙර බාර ගැනීමට සිදුවිය. මේ පන්සල පිහිටා තිබෙන්නේ අබලන් වූ පියස්ස සිදුරු වී බිත්ති පුපුරා ගිය පැරණි ප්‍රජා ශාලාවකයි. සංඝාවාසයක් නොමැතිව එදා පටන්ම මෙහි වැඩ වාසය කරමි. අසරණ සැදැහැති ගම්වාසීන් වෙනුවෙන් පන්සල ටිකෙන් ටික ගොඩ නැඟීය. ඒ අතර දහම් පාසලක් ආරම්භ කළේ ය. ශීල සමාදාන බෞද්ධ සමිති පටන් ගන්නා ලදී. අභය දාන, වාර්ෂික කඨින පින්කම් මැනවින් සිදු කෙරේ. ඒ අතර කරත්ත පාරක්ව තිබූ ගමට එන පාරට තාර දමා බසයක් ධාවනය කරවීමට ද පන්සල මුල් විය.

දහම් පාසලත්, සිල් ඇත්තෝ සිටිය යුත්තේත් පන්සලේ සමිති සමාගම් පවත්වන්නේත් එකම ශාලාවේය. නව සංඝාවාසයක් ඉදි කරනවා නම් දරුවන් කිහිප දෙනෙකු ශාසනයට දායාද කළ හැකි ය. ඒ නිසාම දායක පිරිසකගේ ඉල්ලීම මත ඊට මුල පිරීය. ඒ වෙනුවෙන් දායකයිනට ආර්ථික ශක්තියක් නැති බව පෙනේ. මේ පින්කමට දායකත්වය දිය හැකි නම් මහත් උපකාරයකි. ශ්‍රී බෝධි මළු විහාරය දන්ගම්පල - දෙහිඕවිට

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]