Print this Article


පිහිට පතයි

පිහිට පතයි

විවෘත විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ උපාධි පාඨමාලාවක් හදාරමින් සිටින 26 හැවිරිදි තරුණයකු දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා නිර්දේශ කර තිබේ.

තම පුතුට අවශ්‍ය “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් දිය හැකි පරිත්‍යාගශීලියෙකු වේනම් ඒ බව 0770534046 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ඔහුගේ ඉල්ලීමක් කරයි.


දෙවිනුවර, බණ්ඩාරනායක මාවත, අංක 63 හි පදිංචි කේ.එච්. ගාමිණී (59) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඒ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවද කියයි. පරිත්‍යාගශීලියෙකුවේ නම් දුරකතන 0775588494/0772769179 වැඩි විස්තර දැනගත හැකිය. ආධාර කළ හැකි අයෙකු වේනම් ලංකා බැංකුව දෙවිනුවර ශාඛාව ගිණුම් අංක 4490242 ගිණුමට බැරකළ හැක.


කුඩාගල අඟුරුවාතොට ලිපිනයෙහි පදිංචි ඩබ්.එම්. හේමලතා (48) වීරකෝන් දරුණූ වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතා නිර්දේශ කර ඇති බව කියයි. මේ සඳහා විශාල මුදලක් වැය වන අතර එම මුදල සොයා ගැනීම ඉතා අපහසු බවද කියයි. ඖෂධ සඳහා ඔබගේ මුදල් ආධාර ලබාදෙන ලෙසද බී හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වන අතර ඒ සඳහාද යම් පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකථන අංක 0766716679 දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටියි. මුදල් හොරණ මහජන බැංකුවේ අංක 041200191020369 දරන හේමලතා වීරකෝන් නමින් ඇති ගිණුමට බැර කළ හැකිය.