Print this Article


ජනාධිපති කාර්යාලයේ දී පැවති පිරිත් දෙසුමෙන්

කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ පිහිටි භූමිය බෝධි භාරකාර මණ්ඩලයට පවරයි
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයේ පළමු සංවත්සර සැමරුම යටතේ ඉකුත් දා (08) කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ වන්දනාමාන කර ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා රජය සතු අක්කර 04 ක භූමිය බෝධි භාරකාර මණ්ඩලයට පවරා දීම ද සිදු කළේ ය. වසර 50 කට ආසන්න කාලයක් පුරා ඉටු නොකෙරුණු එම කටයුත්ත ජනාධිපතිතුමා විසින් ඉටුකිරීම මහා සංඝරත්නයේ හා ජනතාවගේ මහත් ප්‍රසාදය පිණිස හේතු විය. අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනා හිමි, ගල්බොඩ ඤාණිස්සර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද බෝධි භාරකාර මණ්ඩලයේ සාමාජිකයෝ ද කථානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන වෛද්‍ය රාජිත සේනාරත්න , ගයන්ත කරුණාතිලක, දයා ගමගේ මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු ඇතුළු ප්‍රදේශවාසීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

කළුතර බෝධි පරිශ්‍රයේදී පැවති උත්සවයට වැඩම කළ මහ සඟ රුවනින් කොටසක්

(ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය)