Print this Article


මකුලෑවේ විමල නා හිමියන්ට ගෞරව නාමයක්

මකුලෑවේ විමල නා හිමියන්ට ගෞරව නාමයක්

ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම මඟින් ශාසන කිර්ති ශ්‍රී යන ගෞරව සම්මානෝපාධිය මීරිගම, මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මේ මස 16 වැනිදා පස්වරුවේදී මීරිගම මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ දී පිළිගැන්වේ. එම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්ධර ශාස්ත්‍රවේදී මඩිතියවෙල මේධංකර නාහිමියන්, මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදී ලෝලුවාගොඩ ඤාණරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද, බස්නාහිර පළාත්සභා මන්ත්‍රි උදේන විජේරත්න, මන්ත්‍රිනී කෝකිලා හර්ෂණී ගුණවර්ධන සහ තවත් විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.