Print this Article


මැදගමුවට ළමා වෙහෙර ආධ්‍යාත්මික සංවර්ධන මධ්‍යස්ථානයක්

මැදගමුවට ළමා වෙහෙර ආධ්‍යාත්මික සංවර්ධන මධ්‍යස්ථානයක්

දඹදෙණිය, මැදගමුව ප්‍රදේශයේදී ළමයි සඳහා අධ්‍යාත්මික අධ්‍යාපනික ආයතනයක් ගොඩනැඟීම අරමුණු කරගෙන “ළමා වෙහෙර” නමින් ආයතනයක් ඉදිකෙරේ. ඒ සඳහා මුල්ගල තැබීම සඳහා මේ මස 17 වැනිදා පෙරවරුවේදී වත්තල හුණුපිටිය ශ්‍රී ධර්මාරාමයේ සිට පෙ.ව. 8.00ට ශ්‍රී මහා බෝධි ශාඛාවක් සමඟ රථ පෙරහරක් ගමන් කිරීම හා මුල්ගල් තැබීම සිදුකෙරේ..

ළමුන්ගේ ප්‍රධානත්වයෙන් හා දායකත්වයෙන් විසිරී පවතින කලා ශිල්ප එකම භූමියක නිර්මාණය කිරීම මෙහිදී අපේක්ෂා කරනු ලබන අතර, 6 ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාලවල පශ්චාත් උපාධිය දක්වා අධ්‍යනය කරනු ලබන සිසුන්ට දෘෂ්‍යධාරක ලෙස දැකබලා ගැනීමට හැකි ආකාරයෙන් ඉදිවීමට නියමිතය. එම වැඩසටහන ළමා වෙහෙර නමින් නම් කර ඇති අතර එය ළමයි වෙනුවෙන් ඉදිවෙන විශේෂිත ස්ථානයකි. දඹදෙණිය මැදගොමුව ග්‍රාමයේ භූමියක ඉදිවෙන ළමා වෙහෙර සැකසෙන්නේ කළුතර චෛත්‍යයේ ආකාරයටය. එහි ඇතුළත චිත්‍ර ලංකාවේ විවිධ පළාත්වලින් තෝරාගත් දරුවන් විසින් නිර්මාණය කිරීම විශේෂයකි. එයට අමතරව වෙනත් නිර්මාණ ලෙස බුදුපිළිම මුද්‍රා, සත්සතිය, නුවර යුගයේ බුදුපිළිම, බුදු පිළිම වර්ග සහ වෙනත් දේ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ළමා වෙහෙර වෙනුවෙන් ශාස්ත්‍රපති පුරිජ්ජල අනෝමදස්සි හිමියෝ දන්වා සිටිති.