Print this Article


පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 75 වන සංවත්සරය

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 75 වන සංවත්සරය

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 75 වන සංවත්සරික උත්සවය වෙනුවෙන් සහ වෑවල සැලිනා අල්විස් ගුණරතන වැඩිහිටි නිවාසයේ 44 වන ගුණ සමරු පින්කම වෙනුවෙන් පින්කම් රාශියක් සංවිධානය කොට ඇති බව පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය දන්වා සිටියි.

මේ මස 16 වැනිදා වෑවල සැලිනා අල්විස් ගුණරත්න වැඩිහිටි නිවාසයේදී නේවාසික වැඩිහිටියන්ට චිරජීවනය ප්‍රාර්ථනා කරමින් එම සමිතියේ අනුශාසකත්වය දරන විහාරයන්හි ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සඟ සතු දානයක් පූජා කෙරේ. එයට සමගාමීව 19 වැනිදා රාත්‍රි 8.00 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීයෙන් ධර්ම දේශනයක් පැවැත්වේ. තුම්බෝවිල ධම්මරතන හිමියන් විසින් දම් දෙසුම පවත්වනු ලැබේ.