Print this Article


තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමෙන් සිංහල - හින්දු සංස්කෘතික වැඩසටහනක් 16 වන දා

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමෙන් සිංහල - හින්දු සංස්කෘතික වැඩසටහනක් 16 වන දා

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික සංසදය එක්ව සංවිධානය කරන අන්තර් සංස්කෘතික හා සමාජ සේවා වැඩසටහනක් මේ මස 16 දින සවස 2.00 ට මඩු පාර සිංහල විද්‍යාලයේ දී පැවැත්වේ.

සිංහල හින්දු අන්තර් සංස්කෘතික වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මකය. උදාවන තෛපොංගල් උළෙල ප්‍රදේශවාසි බෞද්ධ, හින්දු හා කතෝලික ජනතාව සමඟ එක්ව සැමරීමත්, ප්‍රදේශයේ දිළිදු ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ බෙදා දීමත් මීට සමගාමීව සිදු කෙරේ. දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික සංසදයේ ආරාධනය පරිදි තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සභාපති තලගල සුමනරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, මඩු පාර බෝධිරාජ මහා විහාරයේ හා ප්‍රදේශයේ රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධාන රාශියක පූර්ණ දායකත්වය මත මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාතික සමඟිය හා සංහිඳියාව වෙනුවෙන් ප්‍රජා වගකීම ඉටු කිරීම උදෙසා මෙම උත්සවය සංවිධානය කළ බව සංවිධායකයෝ පවසති.