UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමි ජන්ම ශත සංවත්සර මහෝත්සවයෙන්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමිපාණන් වහන්සේගේ ජන්ම ශත සංවත්සර මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පසුගියදා (31) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.එම මහෝත්සවයට ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාරපාර්ශ්වයේ මහානායක ගලගම අත්ථදස්සි මහා නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහානාහිමි, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි අනුනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොළොන්නරු සොළොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි අනුනාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නාහිමි, අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, ප්‍රමුඛ මහා සංඝරත්නය ද වැඩබලන අගවිනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, දයා ගමගේ, රාජිත සේනාරත්න, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, හිටපු කතානායක වී.ජ.මු. ලොකු බණ්ඩාර, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක, තැපැල්පති රෝහණ අබේරත්න, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

 

එහිදි ජනාධිපතිතුමා උත්සව සභාව ඇමතු අවස්ථාව

ජනාධිපතිතුමා විසින් මහා නා හිමිපාණන් වහන්සේට උපහාර තිළිණයක් පිළිගන්වන අයුරු.

ආගමික වතාවත්හි නිරතවෙමින්...

එහිදී තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මුල් දින කවරය තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලද අතර එම මුල් දින කවරය ජනාධිපතිතුමා විසින් දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමිපාණන් වහන්සේට පිළිගන්වන අයුරු.

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මහා නා හිමිපාණන් වහන්සේට අටපිරිකර පූජා කළ අවස්ථාව

උත්සව සභාවට සහභාගිවූ පිරිසෙන් කොටසක්.

 

උදුවප් අමාවක පෝය

උදුවප් අමාවක පෝය ජනවාරි මස 09 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.53ට ලබයි. 10 වැනිදා ඉරිදා පූර්වභාව 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 09 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජනාවරි 16 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]