Print this Article


කොළඹ කල්‍යාණ ධර්ම පෙරමුණේ වාර්ෂික පින්කම

කොළඹ කල්‍යාණ ධර්ම පෙරමුණේ වාර්ෂික පින්කම

කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කලා්‍යණ ධර්ම පෙරමුණේ 57 වැනි වාර්ෂික කතරගම මහා පින්කම දෙසැම්බර් මස 25, 26, 27 යන දිනයන්හි ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ අනුශාසක මිරිහානේ නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. දෙසැම්බර් මස 25 දින සවස කතරගම පුදබිමට පැමිණෙන උපාසක උපාසිකාවන් දෙසැම්බර් මස 26 දින අලුයම අටසිල් සමාදන්වීමෙන් අනතුරුව මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාවන් කිරිවෙහෙර වහන්සේ අබියස පැවැත්වේ.

සවස සධාතුක කරඬුව පෙරටු කරගත් මල්පෙරහර ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා 100 ක් හා අටසිල් සමාදන් වූ අට දහසකට අධික උපාසක උපාසිකාවන් කිරිවෙහෙර චෛත්‍යය අභියස සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ මල් පහන් ගිලන් පස පූජා කිරීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ අනුශාසක මිරිහානේ නන්ද නාහිමියන් විසින් සිදුකරනු ලැබේ.

එම අවස්ථාවට කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමි කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස යන නාහිමිවරුන් ප්‍රධාන ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාද රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙති.