Print this Article


කතරගම මහා දේවාලයේ ඉල් මහා පෙරහර

කතරගම මහා දේවාලයේ ඉල් මහා පෙරහර

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහර මංගල්‍යය මේ මස 25 දින ඉල් පෝදා රාත්‍රී පැවැත්වේ. පෞරාණික චාරිත්‍ර පුද සිරිත්වලට, මුල් තැනක් දෙමින් උඩරට, පහතරට, සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම්වලින්ද අලි ඇතුන්ගෙන් යුතුව අලංකාර අයුරින් පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා කටයුතු සංවිධානය කර ඇත.

පෙරහර දිනවල කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීමට කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කතරගම ප්‍රාදේශීය සභාව නාගරික සංවර්ධන අධිකාරිය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව හා කතරගම පොලීසිය කටයුතු සංවිධානය කර ඇත.