Print this Article


ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගලය්‍ය පෙරහර පෝදා

ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගලය්‍ය පෙරහර පෝදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍ය පෙරහර මේ මස 25 වැනිදා යෙදෙන ඉල් පුර පසළොස්වක පෝදා පැවැත්වේ. කාර්තික පෙරහර මෙදින සවස ශ්‍රී දළදා මාලිගාව අබියසයෙන් පිටත්ව මාලිගාව චතුරශ්‍රයේ ගමන්කර ගෙවදී. ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන දේවාල විහාරයන්හි මෙදින සවස දල්වන පහන් සඳහා තෙල් බෙදාදීම පැරැණි චාරිත්‍රානුකූලව මහනුවර ශ්‍රී නාථ දේවාලයේදී මංගල්‍යයට පෙරදින සිදුකෙරේ. ශ්‍රී දළදා සමිඳු උදෙසා වසරේ සිදුකරනු ලබන සතර මංගල්‍යයෙන් එකක්වන කාර්තික මංගල්‍යය වසරේ අග ඉල් පෝදා පැවැත්වෙන අතර පළමුවන අලුත්සහල් මංගල්‍යය වසරේ මුල් පෝයවන දුරුතු පසළොස්වක පෝයදින සිදුකෙරේ.