Print this Article


පෝරෙගෙදර සුමනවංශ හිමියෝ කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබති

පෝරෙගෙදර සුමනවංශ හිමියෝ කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබති

මහනුවර ශ්‍රී උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන්, “පරිත්ත භානක – මංගල ධර්මකීර්ති ශ්‍රී ආර්යවංශ” යන ගෞරව නාම සම්මුතිය සහිත, කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය වාද්දුවේ මාවල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති විශ්‍රාමික පරිවේණාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පෝරෙගෙදර සුමනවංස හිමියන් වෙත පත් කර ඇත.

මේ මස 27 වැනි දා සවස 3 ට මහනුවර මල්වතු මහා විහාරස්ථ මංගල උපෝෂථාගාරයේදී පෙර සිරිත් ඉටුකොට මහ නායක ස්වාමීන්ද්‍රවර පුමුඛ මහා සංඝ සභාවෙන් අක්තපත්‍රය ලබා ගැනීමේ උත්සවය පැවැත්වේ. එකී පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් 29 වැනිදා ඉරිදා සවස 3.30 ට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්ධුර දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනා හිමියන් ප්‍රධානත්වයෙන් හා කථානායක කරු ජයසූරිය මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වාද්දුවේ මාවල ශ්‍රී සුවිශුද්ධාරාමයේ දී පැවැත්වේ.