UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

මහනුවර අස්ගිරි මහා විහාර මහ පිරිවෙන

මහනුවර අස්ගිරිය මහා විහාර මහ පිරිවෙනේ කඨින පූජෝත්සවය නොවැම්බර් මස 11 සිට 15 දක්වා මහා විහාර පරිවේණාධිපති අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

නොවැම්බර් 11 වෙනිදා සවස 6.00 ට කරල්ලියද්ද ශ්‍රී උපෝසථාරාම විහාර වාසි තෙල්දෙණිය නාලන්දා මූලික පිරිවෙන් ආචාර්ය කයිකාවල සද්ධානන්ද හිමි පවත්වන බෝධිපූජාවකි. දායකත්වය අස්ගිරිය මහා විහාර ශ්‍රී සුමනතිස්ස දහම් පාසල දරනු ලබන්නේ ය. නොවැම්බර් 12 සවස 6.00 ට මාතලේ අරියධම්මහිමි මෙහෙයවන බෝධි පූජාව ද , 13 වෙනිදා සවස 6.00 ට අටවිසි බෝධි පූජාව රඹුක්වැල්ලේ බුද්ධරක්ඛිත හිමි පවත්වති. 14 සවස 6.30 ට ධර්මදේශනාව නුගේතැන්නේ මංගල ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද හිමි විසින් පවත්වනු ඇත. 15 අලුයම 4.30 ට ඉන්ද්‍ර කුමාර ද සිල්වා මහතා කඨින වස්ත්‍රය මහ පෙරහරකින් විහාරස්ථානයට වැඩමවාගෙන ඒම, පෙ.ව. 6.00 ට ශතාධික මහා සංඝරත්නය විෂයෙහි දානය පිරිනැමේ. කේ. බණ්ඩාරනායක


ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූල මහා විහාරස්ථ ශ්‍රී ධර්මගුප්ත පිරිවෙනේ විහාරාධිපති නෑහින්නේ සද්ධානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කඨින පින්කම මේ මස 08 – 15 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. පිළිවෙළින් දිනපතා බෝධි පූජා සහ ධර්මදේශනා පැවැත්වේ. නෑහින්නේ සද්ධානන්ද හිමි, අත්තරගම ප්‍රඥාලංකාර හිමි, මාලදොල සීවලි හිමි, පාන්තියේ චන්දිම හිමි, මාලදොල ගුණානන්ද හිමි, වලතර සුභූති නා හිමි, දොඩම්ගොඩ විදුර හිමි, හනදූව වනරතන හිමි, ඕමාරේ ශාන්තානන්ද හිමි, අනුරාධපුර සද්ධානන්ද නා හිමි,පයාගල සීලානන්ද හිමි, රාණස්ගල්ලේ ඥානවීර නා හිමි,ගලගම ධම්මින්ද හිමි එම වැඩසටහන් පවත්වති. 14 වනදා පිරිත් දෙසුමද 15වනදා උදෑසන සංඝගත දක්ෂිණාව පැවැත්වේ. පෙරවරුවේ පැවිදි පින්කමද පස්වරු 7ට කඨිනානිශංස දේශනාවද පැවැත්වේ.


උඩඊරියගම පුරාණ විහාරය

පේරාදෙණිය උඩඊරියගම දෙවොල්කොණ පුරාණ විහාරාධිපති සූරියගොඩ සීලරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ශාස්ත්‍රපති දුම්බර සෝරත හිමිගේ ප්‍රධානත්වයෙන් විහාර කාර්ය සාධක දායක සමිතියේ මෙහෙයවීමෙන් මේ මස 13, 14 දිනයන්හි කඨින පින්කම පැවැත්වේ. 13 වෙනි දින සවස 7.00 ට අටවිසි ගිලන් පස පූජාවකි. 14 වෙනිදා අලුයම කඨින වස්ත්‍රය වැඩමවාගත් පෙරහර ගොරකදෙණියේ සේනාරත්න විජේසේකර මහතාගේ නිවසින් පිටත්වේ. 14 වෙනිදා මහා සංඝරත්නය තිස්නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.


මහනුවර බෝධිමළුව විහාරය

මහනුවර ඓතිහාසික බෝගම්බර බෝධි මළුව විහාරාධිපති මහනුවර සංඝරාජ පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගල්ලෑල්ලේ සෝරත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ කඨින පින්කම් පූජෝත්සවය මේ මස 12, 13, 14 දිනයන්හි පැවැත්වේ. 13 දා සවස ධර්මදේශනාවකි. 14 වෙනිදා දහවල් මහා කප්රුක් පූජාව සහිත මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ,, විමලධම්ම නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය හතළිස් නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. කඨිනානිශංස ධර්මදේශනාවෙන් පසු විහාරාධිපති ශාස්ත්‍රපති ගල්ලෑල්ලේ සෝරත හිමි පවත්වනු ලබන පුණ්‍යානුමෝදනාවකි.


මහනුවර පොත්ගුල් විහාරය

මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරයේ කඨින පින්කම මේ මස 14, 15 දිනවලදී විහාරාධිපති මධ්‍යම ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති යටිනුවර සුමන නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 14 දා සවස 4.30 ට අෂ්ඨවිධපාන චතුමධුර සහිත ගිලන්පස පූජාව, 5.00 ට දොරගමුවේ රතනසාර හිමි පවත්වන ධර්ම දේශනාව, සවස 6.30 ට පිරිත් දේශනාව, 15 දා අලුයම, නිමල් මැදිවක මහතාගේ නිවසේ සිට කඨින චීවරය පෙරහරින් වැඩමවීම, 6.00 ට කඨින වස්ත්‍රය පූජාව, 7.00 හීල් දානය, දවල් බුද්ධ පූජාව, 11.00 ට කප්රුක් සහිත සපිරිකර සංඝගත දක්ෂිණාව, 12.30 ට කඨිනානිශංස ධර්ම දේශනාව 1.00 ට යටිනුවර සුමන නාහිමි විසින් පවත්වනු ලබන පුණ්‍යානුමෝදනාව.


ගල්මඩුව රජමහා විහාරය

කුණ්ඩසාලේ ගල්මඩුව රජමහා විහාරාධිපති ගම්මුල්ලේ සුමංගල නාහිමිගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ කඨින පින්කම මේ මස 12, 13, දිනයන් හි පැවැත්වේ. 12 සවස ධර්මදේශනාවකි. ආගමික වැඩසටහනකි. පසුදින තිස් නමක් මහා සංඝරත්නය විෂයෙහි පිරිනමු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.

කේ. බණ්ඩාරනායක


දෙගල්ලස්සේගෙදර පුරාණ විහාරය

පොතුහැර, මහපිටිය දෙගල්ලස්සේගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරාධිපති හා පොල්ගහවෙල වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය පරිවෙණාධිපති ශාස්ත්‍රපති මාබෝපිටියේ විමලඤාණ හිමියන්ගේ හා අඹන්වල රතනජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 06 හා 07 දිනයන්හි කඨින චීවර පූජාව සිදු කිරීමට කටයුතු යොදා ඇත.

06 වැනිදා රාත්‍රී 7.00 ට පොල්ගහවෙල මල් අස්න පුරාණ විහාරාධිපති පොල්ගහවෙල ආනන්ද හිමියන් විසින් පවත්වන ආශිර්වාදත්මක බෝධි පූජාව ද පසුදා අලුයම කරුණාවතී මාතාවගේ නිවසේ සිට කඨින වස්ත්‍ර වැඩම කරන පෙරහර විහාරස්ථානයට පැමිණේ.


කඨින පින්කම හා දිගාසිරි පැතීම

රාජාංගනය දකුණු ඉවුරේ යාය 01 දුටුගැමුණු විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 10 සහ 11 දින දෙක තුළ පැවැත්වේ. විහාරස්ථාන 05 ක අධිපතිත්වය දරමින් යාය 01 ළමා මිතුරු පාසලේ විදුහල්පති ලෙස රටට දැයට කරන සේවාව තව තවත් කරගෙනයෑම සඳහා නිදුක් නිරෝගී කම දීර්ඝායුෂ ආශීර්වාද පතා ශාස්ත්‍රවේදී පණ්ඩිත මහාමන්කඩවල ධම්මසිරි නාහිමියන්ගේ පනස්දෙවැනි උපන්දිනයට සෙත්පතා 10 වැනි දා සවස සම්බුද්ධ පූජාව සහිත අටවිසි බුද්ධ පූජාව, ධර්මදේශනයක් පවත්වා පසුදින කඨින චීවරය, අෂ්ඨ පරිෂ්කාර, සෙසු පිරිකර සහිත 25 නමකට අධික මහා සඟ රුවනට දහවල් දානය පිරිනැමීමට දායක සභාව, කටයුතු යොදා තිබේ.


බෝපිටිය සුධර්මාරාම බෝධිඝර විහාරය

අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරස්ථානයේ මෙවර කඨින පින්කම මේ මස 13- 14 යන දිනවලදී පැවැත්වීමට විහාරාධිපති ධර්මවේදී ගාල්ලේ තෙලිකඩ ධම්මිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව කටයුතු යොදා ඇත. 13 රාත්‍රී නාරම්මල මැටියගනේ සත්ජය දහම් නිකේතන විහාරාධිපති බෝධිමලුවේ සංඝානන්ද හිමියන්ගේ ධර්මදේශනාවකි. 14 පෙරවරුවේදී කුල දරුවකු පැවිදි කෙරේ. 14 දා දහවල් කඨින වීචර පූජා මහා පින්කමයි.


මිනුවන්ගොඩ ශ්‍රී මෙත්තාරාමය

මිනුවන්ගොඩ, කෝපිවත්ත ශ්‍රී මෙත්තාරාමයේ කඨින පින්කම විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා මත දායක සභාව සංවිධානය කරයි. මේ මස 15 හා 16 දෙදින පුරා පැවැත්වෙන කඨින පින්කමට සිසිර කුමාර හා චමින්ද නිශාන්ත මහත්වරුන්ගේ දායකත්වය දක්වයි. 15 වැනි දා කඨිනානිසංස ධර්ම දේශනාවෙන් පින්කම නිමාවේ.


හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ කඨින පුණ්‍යෙීත්සවය 7–8 දිනවල

කොළඹ හුණුපිටිය ගංගාරාම මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෙීත්සවය මේ මස 7–8 දිනයන්හිදී පැවැත්වේ. ගංගාරාමාධිපති ආචාර්ය ගලබොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම කටයුතු සංවිධානය කෙරේ.

07 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ වන අතර 08 වනදා අලුයම 4.00 ට කඨින වස්ත්‍රය රැගත් අලි ඇතුන් සහිත පෙරහර අංක 17 ලෙයාර්ඩ්ස් පාරේ පිහිටි නිවසින් පිටත් වේ. ඉන් පසුව ඩික්මන් පාර, හැව්ලොක් පාර, තුම්මුල්ල හංදිය, තර්ස්ටන් පාර, ශ්‍රීමත් අර්නස් ද සිල්වා මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ශී‍්‍ර ජිනරතන මාවත ඔස්සේ පෙරවරු 6.00ට ගංගාරාම විහාරස්ථානයට පැමිණේ. ඉන් අනතුරුව කඨින වස්ත්‍රය සහ ගරු ලඝු පරිස්කාර ඇතුළත් කප්රුක් පූජාව සහිතව කඨින වස්ත්‍රය සඟ සතුකොට පූජා කිරීම සිදු කෙරේ. 08 වනදා රාත්‍රී 7.00සිට 8.00දක්වා කඨිනානිසංශ ධර්ම දේශනාව පැවැත්වේ.

මේ මස 08 වන දින සිට දෙසැම්බර් 31දක්වා ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති රූබී (රතු මැණික්) බුද්ධ රූපය කිලෝ 14කි. ආශිර්වාද පිළිමය රූබී කිලෝ 5කි. දැක අත තියා වැඳ ආශිර්වාද ලබාගත හැකිය.

 

 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]