Print this Article


නාරගල සුමනසිරි නා හිමි සමරා පින්කම්

නාරගල සුමනසිරි නා හිමි සමරා පින්කම්

සය වසරකට (06) පෙර අපවත්වී වදාළ කොබවක, ශ්‍රී සුමනාරාම විහාරාධිපති, පස්යොදුන් රට ප්‍රධාන සංඝනායක, නාරගල සුමනසිරි නා හිමියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස මේ මස 14 වන දින සවස 5.00 ට හඳගනාවේ සරණංකර හිමියන්ගේ මෙහෙයවීමෙන් පින්කම් මාලාවක් පැවැත්වෙයි. 15 වැනිදා දවල් මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි කොබවක, ශ්‍රී සුමනාරාමයේ පින්කම සිදු කෙරේ.