UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදෙණිය ඓතිහාසික දළදා පෙරහර

දඹදෙණිය ඓතිහාසික දළදා පෙරහර

විහාරාධිපති ශාස්ත්‍රපති – රාජකීය පණ්ඩිත,
පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝනායක ,
පන්නල සුමේධ නාහිමි.

ඓතිහාසික දඹදෙණි දළදා පෙරහර මෑත කාලයේ ආරම්භ කරන ලද්දේ 70 දශකයේ දී, මංගෙදර සිරිරතනාභිධාන නාහිමියන් විසිනි. අනතුරුව වර්ෂයක් පාසා සාමාන්‍ය වශයෙන් පවත්වන ලද පෙරහර 1992 වර්ෂයේ දී සාමවිනිසුරු එච්.ජී. මහින්ද ගලප්පත්ති මහතා සම්බන්ධ වීමෙන් පසුව සුවිශාල පෙරහරක් බවට පත් විය.

සැප්තැම්බර් මස 4 වැනි දින රැස්වීමේ දී පසුගිය වසරේ පෙරහර කමිටුව ඉල්ලා අස්විය. මෙවර නව නිලධාරී මණ්ඩලයක් පත් වූ අතර, එක්සත් ජාතික පක්ෂ දඹදෙණිය ආසනයේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක හා වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න ශමල් සෙනරත් මහතා පත්කරන ලද්දේ කමිටු සභාපති ලෙසට ය. ඒ නිසා එතුමා නව රජයේ මැති ඇමැතිවරන්ගේ හා පළාත් සභාවේ අනුග්‍රහයෙන් ඉතා උද්‍යෝගීව ක්‍රියා කරන බව සතුටින් සඳහන් කරමු.

විහාරාධිකාරී නාරංගොඩ සිරිනිවාස හිමියන් ඇතුළු රජමහා විහාරස්ථානයට සම්බන්ධ හිමිවරුන් ප්‍රදේශවාසී ජනතාවත් රාජ්‍ය අංශය හා දේශපාලන බල අධිකාරියේ අනුග්‍රහය ලබමින් මෙවර පෙරහර ඔක්තෝබර් 18 දින සිට නැකතට කප්සිටුවා මල් පෙරහර පවත්වා, ප්‍රධාන පෙරහර වීදි සංචාරය කිරීම ඔක්තෝබර් 24 වැනි දින සිදු කෙරෙති.

විවිධ පළාත්වල ඉතා දක්ෂ නර්තන ශිල්පීන්ද සහභාගි වේ. ප්‍රදේශයේ පවතින ජනපි‍්‍රය කලායතනවලට අවස්ථාව සලසාදීම සහ දඹදෙණි පෙරහරේ විශේෂත්වයක් වන්නේ ඔවුන්ගේ ජනපි‍්‍රයතාවය ඇති කිරීම මූලික අරමුණක් වන හෙයිනි.

 

 

     ‍වප් පුර අටවක පෝය 

වප් පුර අටවක පෝය මේ මස 20 වැනිදා අඟහරුවාදා අපරභාග 2.23 ට ලබයි. 21 වැනිදා බදාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් මස 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]