UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කරණෑකමුල්ලේ විමලවංශ හිමියෝ සංඝ නායක පදවියෙන් පිදුම් ලබති

කරණෑකමුල්ලේ විමලවංශ හිමියෝ සංඝ නායක පදවියෙන් පිදුම් ලබති

යක්කල මහවිට සිරි වජිරඤාණෝදය පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී, හේන්පිටමුල්ල සිරිවර්ධනාරාමාධිපති ශාස්ත්‍රවේදී කරණෑකමුල්ලේ විමලවංශ හිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ.

උන්වහන්සේ වෙත ‘සිරි සුගතවංශෝභාස’ ගෞරව නාමය සහිතව මෙම පදවිය පිරිනැමීම පිළිබඳ සන්නස්පත්‍ර ප්‍රදානය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමි, අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක ගන්තුනේ අස්සජි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යක්කල හේන්පිටමුල්ල සිරිවර්ධනාරාමයේ දී සිදු කෙරිණි. ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරක කටයුතුවලදී පෙරමුණ ගෙන කටයුතු කරන කරණෑකමුල්ලේ විමලවංශ හිමියෝ ගම්පහ දිස්ත්‍රික්කයේ දූ දරුවන්ට දහම් දැනුම ලබාදීමේ අරමුණ පෙරදැරිව සිංහල හා ඉංගී‍්‍රසි භාෂාවෙන් පවත්වන දහම්පාසල් විහාරස්ථානයේ ආරම්භ කිරීමට පෙරමුණ ගෙන ඇත.

බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවයට සහභාගි වූ ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහත්වරුන් අතින් සන්නස් පත්‍රය හා විජිනිපත පිළිගැන්වීම එහිදී සිදු කෙරිණි.

 

     ‍වප් පුර අටවක පෝය 

වප් පුර අටවක පෝය මේ මස 20 වැනිදා අඟහරුවාදා අපරභාග 2.23 ට ලබයි. 21 වැනිදා බදාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් මස 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]