Print this Article


ග්‍රන්ථ දෙකක් දොරට වැඩීම වාද්දුව ශ්‍රී ලංකාරාමයේ දී

ග්‍රන්ථ දෙකක් දොරට වැඩීම වාද්දුව ශ්‍රී ලංකාරාමයේ දී

වාද්දූව ධම්මවංස හිමියන් විසින් රචිත “ලොකු හාමුදුරුවන්ගේ ලියමන” සහ ටිකිරිබණ්ඩා සිලෝගම සූරීන් රචිත “ලෝවැඩ සඟරාව සිව්වන කලඹ” ග්‍රන්ථ දෙක මේ මස 18 ඉරු දින සවස 3.00 ට වාද්දුව ශ්‍රී ලංකාරාම ශ්‍රී ධර්මරුචි ස්වාමීන්ද්‍ර ගුණසමරු ශාලාවේ දී එළිදැක්වේ.

මුලසුන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත මාතලේ ධම්මකුසල හිමියන් හොබවති. විශේෂ දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පවත්වනු ලැබේ.