Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් බැහැ දැකීමෙන් පසු අමාත්‍යවරයා උන්වහන්සේ සමඟ සුහදව කතාබහක යෙදිණි. මෙරට ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් මහතාද මෙහි සිටියි.

අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අයුරු.

මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමි 125 වන ගුණසමරුව පසුගියදා (21) ගාල්ල දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බලපිටිය කප්පින සීමාමාලක විහාරස්ථානයේ දී පැවැත්විණි. එහිදී සසුනට කළ සේවාව වෙනුවෙන් භික්ෂූන් වහන්සේලාට මෙන්ම උන්වහන්සේලාගේ මව්පියවරුන් වෙත උපහාර පිරිනැමූ අවස්ථාව.

විද්‍යුත් පුස්තකයක් ලෙස සම්පාදනය කළ විශ්වබල පිරුවානා පොත් වහන්සේ දොරට වැඩීමේ උත්සවයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. කථානායක කරු ජයසූරිය මහතා සහ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයේ දී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පිරිස පන්සිල්හි පිහිටුවූ අතර එය සම්පාදනයේ දී අනුශාසකත්වය සපයන ලද ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද කථානායක කරු ජයසූරිය මහතා සහ විශ්වබල පිරුවානා පොත් වහන්සේ සම්පාදනය කළ නෙස්ලි රංජිත් මහතාද අදහස් දැක්වූහ.

දෙණියාය ගැටබරු රජමහා විහාරයේදී බිනර පෝදා පැවැති ආගමික වැඩසටහන හා පෙරහර ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඡායාරූපය නාගොඩ සමූහ