Print this Article


මීගමු බෞද්ධ සදාචාරවර්ධන සමිතිය 86 වැනි සංවත්සරය සමරයි

මීගමු බෞද්ධ සදාචාරවර්ධන සමිතිය 86 වැනි සංවත්සරය සමරයි

මීගමුවේ බෞද්ධ සදාචාරවර්ධන සමිතියේ 86 වැනි සංවත්සරය පසුගිය දිනක පැවැත්විණ. එදින රාත්‍රියේ පිරිත් දේශනයක් පවත්වන ලද අතර පසු දින 30 නමකට හීල් දානයත් එදින දවල් සාංඝික දානයත් පූජා කරනු ලැබූහ.

මෙම පින්කම් මාලාව සංවිධානය කළේ සභාපති කුමුදු එරගොල්ල ලේකම් මහින්ද ගුණරත්න, භාණ්ඩාගාරික ටී.ජී.එන්. ගාමිණි යන මහත්වරු ඇතුළු පාලක මණ්ඩලයේ නිලධාරි මහත්වරු සාමාජිකයන්, කුලඟන සමිතියේ සාමාජික සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සිදු වූ අතර සියලු මෙහෙයුම් කටයුතු කළේ යු.එච්. සුගතදාස මහතා විසිනි.

මීගමුව බෞද්ධ සදාචාරවර්ධන සමිතියේ වසර 86ක ඉතිහාසය එදා සිට මේ දක්වා සිදු වූ පින්කම් යන සමාජ සේවාවලින් බිඳක් පහත දැක්වේ.

1929 ජූනි 16 දින සිංහල, දෙමළ සාමාජිකයන් 12කුගෙන් මීගමුව හලාවත පාරේ ශ්‍රී ධම්මානන්ද ආවාසයේ දී මීගමුව බෞද්ධ සදාචාරවර්ධන සමිතිය පිහිටුවා ඇත. එය පහත දැක්වෙන අරමුණු පෙරදැරි කරගෙන වේ. 1. බෞද්ධ පාසල් පිහිටුවීම හා දියුණු කිරීම, 2. බෞද්ධ සංස්කෘතිය සදාචාරය දියුණු කිරීම, 3. බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීම, 4. බෞද්ධයන් අතර සමගිය ඇති කිරීම. 5. බෞද්ධ ධර්මය ප්‍රචාර කිරීම, 6. සාමාජිකයන් අතර ශාරීරික හා මානසික සාමාජික සහ ශාරීරික තත්ත්වය දියුණු කිරීම.

එහි මුල් සභාපතිවරයා වෛද්‍යචාර්ය පී.ඒ.ඩී.එස්. ජයතිලක, ලේකම් ඩී.බී. වෛද්‍යසේකර භාණ්ඩාගාරික එම්.ජේ. සොයිසා යන මහතුන් වේ. 1938 සභාපතිවරයා විසින් මීගමුව බෞද්ධ මන්දිරය පිහිටුවා එහි ඉඩම මිලට ගෙන ඇති අතර 1949 මැයි 05 දින ඉදි කිරීම සඳහා මුල් ගල තබා ඇත. කුලඟන සමිතිය හා ශ්‍රී වෛශාඛ්‍යදාන තරුණ සමිතිය ද පිහිටුවා ඇත.

එතැන් සිට දහම් පාසල් කටයුතු ආරම්භ කිරීම. මීගමුව ආරෝග්‍ය ශාලාවේ විහාරය ඉදිකිරීම, ධර්ම සාකච්ඡා ශීල සමාදාන, දළදා මාළිගාවට ආධාර කිරීම සහ පල්ලන්සේන සුබසාධක සමිතියේ ඉල්ලීම පරිදි මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැදවීම් අංශයේ බුදුමැදුරක් ඉදිකිරීම යනාදී පින්කම් සහ සමාජ සේවා වශයෙන් රජරටට නියන් ආධාර හා උපකාරක පන්ති පුස්තකාල පෙර පාසල් පන්ති පිහිටුවන ලදී.

මීට අමතරව තවත් පින්කම් රැසක් ද සමාජ සේවා කටයුතු රැසක් ද සිදු කර ඇති අතර මේ වන විට ගොඩනැගිලි කීපයක් ද ඉදිකර තිබෙන බව මීගමුව සදාචාරවර්ධන සමිතිය දන්වා ඇත.