Print this Article


කැරකෑකමුල්ලේ විමලවංශ හිමියෝ ගෞරව නාමයෙන් පිදුම් ලබති

කැරකෑකමුල්ලේ විමලවංශ හිමියෝ ගෞරව නාමයෙන් පිදුම් ලබති

යක්කල මහවිට සිරි වජිරඤාණෝදය පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී හේන්පිටමුල්ල සිරිවර්ධනාරාමාධිපති ශාස්ත්‍රවේදී කරකෑකමුල්ලේ විමලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ‘සිරි සුගතාවශෝභාස’ යන ගෞරව නාමය සහිත බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක පදවිය පිරිනමනු ලැබූ බැවින්, ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක භාෂාන්තර විශාරද අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණිස්සර මාහිමිපාණන්වහන්සේ ප්‍රධාන තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් කථානායක කරු ජයසූරිය මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 20 වැනි දින පස්වරු 2.30ට යක්කල හේන්පිටමුල්ල සිරිවර්ධනාරාමයේ දී උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.