Print this Article


අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම දින සැමරුමෙන්

අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම දින සැමරුමෙන්

අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්මදින සැමරුම වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල සතියේ සමාරම්භක උත්සවය සැප්තැම්බර් මස 14 වනදා පෙරවරුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී පැවැත්විණි.

ධර්මපාල දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය තැපැල් ඇමැති අබ්දුල් හලීම් මොහොමඩ් මහතා විසින් ජනාධිපතිතුමාට පිළිගන්වන ලදී. සැමරුම් උළෙලේ විශේෂ දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන් විසින් සිදු කරන ලද අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , තැපැල් හා තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හෂීම්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවපි‍්‍රය,අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. එම්. බන්දුසේන යන මහත්වරුන්ද විදුහල්පති කේ.ජී. විමලසේන මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් එම උත්සවයට එක්ව සිටියහ.
 

පන්නිපිටිය ධර්මපාල විද්‍යාල භූමියේ පිහිටි ධර්මපාල පිළිරුවට ජනාධිපතිතුමා පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාව.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හා විදුහල්පතිතුමා
සහභාගිවූ පිරිසෙන් කොටසක්
උත්සවයට එක්ව සිටි පාසල් සිසුන්ගෙන් කොටසක්