නිවන් දැකීමට නම් 03
සතර සතිපට්ඨානය
දන්කන්දේ ධම්මරතන හිමි
නිවන් යාමට අවශ්‍ය පාරමී පුරා ඇති කෙනෙකුට නැවත නැවත ප්‍රගුණ කිරීමෙන්
බහුලීකරණය කිරීමෙන් නො වරදවාම නිවන් දකින්නට හැකි භාවනා ක්‍රමයක් තමයි
සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ.
කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා,
ධම්මානුපස්සනා කියා ඒවා හඳුන්වනවා.
නිවන් දැකීමට නම් ලිපි මාලාවේ තෙවන කොටසයි මේ
මේ දක්වා කීවේ ත්‍රිශික්ෂාව සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව ඉතා කෙටි
හඳුන්වාදීමක්.
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම
සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දැන් අපි ඉතා කෙටියෙන් හඳුනා ගන්නට බලමු.
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ නිවන් ලබා දීමට හේතුවන කරුණු 37 කට,
එම 37 තුළ
4 බැගින් වු කොටස් 3 ක් තිබෙනවා. සතර සතිපට්ඨාන සතර සම්මප්පධාන, සතර
ඍද්ධිපාද කියලා (12)
5 බැගින් වූ කොටස් 2 ක් තිබෙනවා – පංචඉන්ද්‍රිය සහ පංචබල කියලා (10)
කරුණු 7 ක් අන්තර්ගත කොටසක් තිබෙනවා. සත්ත බොජ්ඣංග (7)
තව කරුණු 8 ක් තිබෙනවා. ඒ තමයි කලින් කියූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය (8)
සතර සතිපට්ඨාන:– නිවන් යාමට අවශ්‍ය පාරමී පුරා ඇති කෙනකුට නැවත නැවත
ප්‍රගුණ කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් නො වරදවාම නිවන් දකින්නට හැකි
භාවනා ක්‍රමයක් තමයි සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ. කායානුපස්සනා
,වේදනානුපස්සනා, චිත්තානුපස්සනා,ධම්මානුපස්සනා කියා ඒවා හඳුන්වනවා.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව බලන විට සතර සතිපට්ඨාන ධර්ම වශයෙන්
දක්වන්නේ සම්මා සතියයි.
සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනාව කියා කොටස් දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ
වදාරමින් ඒ දෙක උන්වහන්සේ විස්තර කර ඇත්තේ මේ විධියටය “සතිපට්ඨාන ධර්ම
කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා,
කියන කොටස් හතරට.
සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒ ඒ සතිපට්ඨාන ධර්මයන්ගේ (1) ඉපැදීමේ හේතු
දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම – නැතිවීම කියන කොටස් දෙකම දැකීමත්
(2) කාය වේදනා චිත්ත ධර්ම කියන ධර්මයන් ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක්
පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත් (3) එළඹ සිටි සිහියෙන් යුතුව
සිටීමත් (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්
(5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි
කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්
කියන කරුණූ ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කිරීමට මෙය සතිපට්ඨාන භාවනා සෑම
කොටසක් අවසානයේදීම බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබෙනවා. එම නිසා
කායානුපස්සනාවේ දැක්වෙන සෑම කොටසක් අවසානයේදීත්, වේදනානුපස්සනාව
අවසානයේදීත්, චිත්තානුපස්සනාව අවසානයේදීත් ධම්මානුපස්සනාවේ එකිනෙක සෑම
කොටසක් අවසානයේදීත් එය කළ යුතුයි.
කායානුපස්සනාවට භාවනා ක්‍රම 14 ක් ඇතුළත් (1) ආනාපාන සති භාවනාව (2)
සක්මන් භාවනාව වැනි ඉරියව් පවත්වාගෙන යාමේ භාවනාව (3) සිහිනුවණින්
යුතුව කටයුතු කිරීමේ භාවනාව (4) අසුභ භාවනාව (5) පඨවි, ආපෝ, තේජෝ, වායෝ
කියන ධාතු කොටස් 4 අරමුණූ කර ගනිමින් කරනු ලබන ධාතුමනසිකාර භාවනාව සහ
(6) –(14) මැරුණාට පසුව ශරීරයට සිදුවන අවස්ථා 9 ක් අරමුණු කරමින් කරනු
ලබන නවසීවථික භාවනාව කියන්නේ ඒ 14 ට.
මේ සෑම කොටසක්ම භාවනා කරන විට, මේවා හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම විනා
සත්ත්වයෙක්, පුද්ගලයෙක්,ආත්මයක්, මමෙක් නොවන අනිත්‍යයට යාමෙන් නිරුද්ධ
වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර
ධර්ම පමණක් බව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වී යා යුතු යි.
ඒ වගේම කයේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම නැතිවීම
කියන කොටස් දෙකම දැකීමත් (2) කයේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක්,
ආත්මයක් නැති බව දැකීමත් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ
සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත් (5) ලෝකයෙහි
කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක්
උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු
ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.
වේදනානුපස්සනාවට අන්තර්ගත වන්නේ සැප, දුක්, මැදහත් (උපේක්ඛා) කියන
වේදනා 3 ත් එම වේදනාවන් සාමිස සුඛ වේදනා සහ නිරාමිස සුඛ වේදනා, සාමිස
දුක්ඛ වේදනා සහ නිරාමිස දුක්ඛ වේදනා, සාමිස උපෙක්ඛා වේදනා සහ නිරාමිස
උපෙක්ඛා වේදනා කියන වේදනා කොටස් 6 ත් මෙම වේදනාවන් අරමුණු කරමින් කරනු
ලබන භාවනාව තමයි වේදනානුපස්සනාව.
සාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස කියන
ඉන්ද්‍රියයන්ට රූප ශබ්ද ආදි අරමුණු හමුවූ පසු පංචකාම වස්තූන් ඇසුරු කර
ගෙන ඇතිවන වේදනාවන්ට, නිරාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ පංචකාම වස්තු
වලින් තොරව ඇතිවන වේදනාවන්ටය, භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නො ලැබෙන විට
කවදා නම් ප්‍රතිඵලයක් ලැබේදැයි සිතන විට, ධ්‍යාන සමවත් ඵල සමවත් සුව
විඳින විට මේ ආදි විවිධ අවස්ථාවන්හිදී ඇතිවන වේදනාවන් නිරාමිස
වේදනාවන්ට උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවන්. මේ සෑම කොටසක්ම භාවනා කරන
විට, මේ වේදනා හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්,
පුද්ගලයෙක්,ආත්මයක්, මමෙක් නොවන අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී
යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම පමණක්
බව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වී යා යුතුයි.
ඒ වගේම මේ ආකාර විවිධ වේදනාවන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම
දැකීමත්, ඇතිවීම නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) වේදනාවන්ගේ
පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත් (3) එළඹ
සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහියට මතු ඤාණයෙහි සහ සිහිය වැඩීමට
හේතු වන බව දැකීමක් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැෙඳන්නේ නැතිව
සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නොකර සිටීමත් (සිතින්
අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කර ගත
යුතු වනවා.
චිත්තානුපස්සනාව කියන්නේ සිතේ ඇතිවිය හැකි 16 ආකාර විවිධ සිත් වර්ග
දකිමින් කරනු ලබන භාවනාවට 1.2,3 රාගයෙන් යුත් සිත් ද්වේෂයෙන් යුත්
සිත්, මෝහයෙන් යුතු සිත් (සරාගී සිත්, සදෝස සිත්, සමෝහ සිත්)
4,5,6 රාගය ප්‍රහීණ කළ සිත් ද්වේෂය ප්‍රහීණ කළ සිත්, මෝහය ප්‍රහීණ කළ
සිත් (වීතරාග, වීත දෝෂ, වීත මෝහ සිත්)
7. නිදිමතින්, ථීනමිද්ධයෙන් හැකිලී ගිය සිත් (සංඛිත්ත සිත්)
8. භාවනා අරමුණින් පිට යන සිත් (වික්ඛිත්ත සිත්)
9.ධ්‍යාන සිත් (මහග්ගත සිත්)
10. ධ්‍යානවලට පත් නොවූ සිත් (අමහග්ගත සිත්)
11. සෝවාන් ,සකදාගාමී, අනාගාමී මාර්ග හා එම ඵල සිත් (සඋත්තර සිත්)
පොත්වල දැක්වෙන්නේ සඋත්තර සිත් කියන්නේ අරූපාවචර ධ්‍යාන සිත් බවයි.
12. අනුත්තර සිත් (රහත් මාර්ග හා රහත් ඵල සිත්)
13. ධ්‍යාන වලට පෙර ඇතිවන සිත නො විසිරී පවත්නා උපචාර සමාධි සිත්
(සමාහිත සිත්)
14.සමාහිත බවක් නැති අසමාහිත සිත්.
15. වෙනත් සිතිවිලි නො සිතන විට රහත් වූ අයට ඇතිවන විමුක්ත සිත් (
විමුත්ත සිත්)
16. විමුක්ත භාවයට පත් නොවූ අවිමුත්ත සිත්
නිවන් දැකීමට නම්, මේ සිතිවිලි හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම විනා
සත්ත්වයෙක් , පුද්ගලයෙක්, ආත්මයක් , මමෙක් නොවන,අනිත්‍යයට යාමෙනේ
නිරුද්ධ වී නැති වී යන , දුකක් වන ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු
සංස්කාර ධර්ම බව චිත්තානුපස්සනා භාවනාව කරන විට ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ
වී යා යුතු යි.
ඒ වගේම,මේ ආකාර විවිධ චිත්ත ධර්මයන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්,
නැතිවීම දැකීමත්, ඇතිවීම නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) චිත්ත
ධර්මයන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීම්
(3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය
වැඩීමට හේතු වන බව දැකීමත් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳන්නේ
නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නොකර සිටීමත් (සිතින්
අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කර
ගන්නට ඕනෑ. |