UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

 

කැලණි රාජමහා විහාරය

පෙරවරු 06.00- 06.30 සීල සමාදානය හා උදෑසන බුද්ධ පුජාව ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි 08.00-09.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි 09.00-10.00 ධර්මදේශනාව නාවින්නේ සුගුණධම්ම හිමි , 10.00-11.30 දිවා බුද්ධපූජාව මාඋස්සාගොල්ලේ මුදිත හිමි. පස්වරු 02.00- 03.00 විශේෂ වෛද්‍ය විද්‍යා දේශනය , 03.00 -04.00 ධර්ම දේශනාව නෙළුවාකන්දේ ඥානානන්ද හිමි 04.00-05.00 පිරිත් දේශනාව මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා 05.00-06.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි 06.00-07.00 ගිලන්පස බුද්ධපූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි 07.00-08.00 ධර්මදේශනාව ඕමල්පේ ධම්මාලෝක හිමි .


කළුතර බෝධිය

පෙරවරු 6.15-7.15 සිල් සමාදන්කරවීම තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව ගැටඅරළුවේ විපුලධම්ම හිමි .7.30-9.45 ධර්ම දේශනය ගම්පහ සිරි සීවලී හිමි 10.00-11.30 ධර්ම දේශනය , බෝපිටියේ රතනවිමල හිමි . පස්වර 1.00-2.00 ධර්ම දේශනය කළුතර බෝධි ධම්ම හිමි .2.45-3.45 ධර්ම දේශනය අක්මීමන ධර්මපාල හිමි.4.00-5.00 ධර්ම දේශනය දිවියාගහ යසස්සි නාහිමි .6.00-7.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ පැවැත්වූ බෝධිපූජාව (පටිගත කළ එකකි)7.15-9.00 ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව රූපවාහිනි තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


බත්තරමුල්ල සිරිසුදස්සනාරාමය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි.7.00-7.30 තෙරුවන් ගුණ සජ්ඣයානාව 8.15-9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 9.30-11.00 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි.11.00 -11.30 තෙරුවන් වන්දනාව , පස්වරු 12.30-1.00 සූත්‍ර සජ්ඣයනාව 1.00-2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 2.00-3.30 ධර්ම සාකච්ඡාව තල්ගමුවේ සුධීරානන්ද හිමි 4.00-5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති නාවින්නේ සුගුණධම්ම හිමි 5.00-6.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති ගොම්බද්දල දමිත හිමි රාත්‍රි 7.00 ට අටවිසි බුද්ධ වන්දනාව.


අම්පාර සිව්මුනි සෑ වෙහෙර

පෙරවරු 5.30-6.00 කිරි ආහාර සහිත අටවිසි බුද්ධ පූජාව, විහාරාධිපති ඇත්පිටියේ චන්දානන්ද හිමි. 6.00-7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව හා අනුශාසනාව අම්පාරේ ධම්මානන්ද හිමි, 8.00-10.00 ධර්ම දේශනාව, ඇත්පිටියේ චන්දානන්ද හිමි, 10.00 -10.30 දේශනය අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 10.30-11.30 චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ වැඩ වසන්නා වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා හා මහරහතුන් ධාතූන් වහන්සේලා උදෙසා දහවල සම්බුද්ධ පූජාවන් සිදු කිරීම. පස්වරු 12.30 -1.30 සෙත් පිරිත් දේශනාව ,1.30-2.30 ධර්ම දේශනාව අම්පාරේ ධම්මානන්ද හිමි, 2.30-3.30 ජාතක කතා දේශනාව, 3.30 – 4.30 භාවනාව විහාරාධිපති හිමි, 4.30 – 5.30 ධම්මපදය අම්පාරේ ධම්මානන්ද හිමි, 6.00 – 7.00 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් පවාරණය විහාරාධිපති ඇත්පිටියේ චන්දානන්ද හිමි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි 7.00 බුද්ධ පූජාව , 8.15 ධර්ම දේශනය 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි , පස්වරු 1.15 ධර්ම දේශනය කිරිමැටියාගාර සිරිධම්ම හිමි 2.15 ධර්ම දේශනය 4.00 ධර්ම සාකච්ඡාව, 5.30 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි 6.30 සිල් පවාරණය


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ නිකිණි පෝදා පින්කම් රැසක් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි සිදුකෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල්, පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාවන්ද ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යයේ පැලඳවීමේ කංචුක පූජාවක් පැවැත්වේ. උදේ ධර්ම දේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍යමළුවේ පැවැත්වේ.

සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ මල් පහන් ගිලන් පස පූජා කිරීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාවභාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද නාහිමියන් විසින් පවත්වනු ලැබේ. රාත්‍රී 7.00 ට අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාව හා කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පහන් 5000 ආලෝක පූජාවක්ද පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත. (ඊ.එච්.සෝමපාල, කතරගම විශේෂ)


අනුරාධපුර මහා විහාරය

ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේදී ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී කිරින්දේ ඥානදර්ශන හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධිකරණය කරති. පෙරවරු 06.00 –අටසිල් සමාදන් වීම 06.30 –උදෑසන බුද්ධ පූජාව 08.00 ධර්ම දේශනාව දර්ශනපති පූජ්‍ය මැඬියාවේ පියරතන හිමි. 09.00 ධර්ම දේශනාවට අදාල ගැටලු සාකච්ඡා කිරීම, 09.15 ගිහි දේශනය විද්‍යාපති වෙනුර ලක්ෂ්මන් මහතා 10.15- දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 10.30 දහවල් බුද්ධ පූජාව, දහවල් 12.00 ජාතක කතා දේශනාව, භාණකං ඉහළදිවුල්වැවේ විමලවංශ හිමි, 01.00 ධර්ම දේශනාව ,දර්ශනපති කිරම විමලතිස්ස හිමි පස්වරු 02.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය සහභාගිත්වය , මහාචාර්ය කරගස්වැවේ විමලානන්ද නාහිමි,ආචාර්ය කේ.එම්.අයි ,ස්වර්ණසිංහ මහතා ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 04.00 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි. 05.00 බෝධි පූජාව කෙහෙල්වල රේවත හිමි.


කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමය

පෙරවරු 6.00-6.30 උපෝසථශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි. 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි. 8.00 -9.00 භාවනාව ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි. 9.15-10.15 ධර්ම දේශනය තලල්ලේ ධම්මදේව හිමි. 10.30-11.00 ට දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. 12.15-12.45 බුද්ධානුස්සති භාවනාව 1.00-2.00 ට මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමිගේ අනුශාසකත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී සංඝමිත්තා පෙරහර හා ප්‍රථම වරට දේවාල මහා පෙරහර (ඇසළ මාසය වෙනුවෙන්) මෙදින රාත්‍රී වීදි සංචාරය කෙරේ.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහැර පෙරවරු 6.30 – 7.30 උපෝෂථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සිදු කිරීම හා කෙටි අනුශාසනාව ධර්මායතනාධිපති දම්පහල ඤාණරතන නා හිමි, 8.00 -9.00 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි 9.30-10.30 ජාතක කථා දේශනාව ශාස්ත්‍රවේදී නිමල් අමරවංශ මහතා 10.30- 11.00 බුදුසරණ පුවත්පත බෙදාදීම –ඔක්කම්පිටිය බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනි මෙනවිය විසිනි. 11.00 -12.00 දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි , 12.30 -2.00 දම් දෙසුම ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා , පස්වරු 2.00 -3.00 ගිහි දේශනය , ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා , 3.00-4.00 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි , 4.00-5.00 මහපිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමින් වහන්සේලා 5.00-5.30 සිල්පවාරණය සිදු කිරීම ධර්මයාතනාධිපති දම්පහල ඤාණරතන නා හිමි 6.30-7.30 දක්වා අටවිසි සම්මා සම්බුද්ධ ගිලන් පස බෝධි පූජාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි .


තලවතුගොඩ ශ්‍රී ඥානාරාමය

පෙරවරු 6.00-7.00 කිරිපිඬු පූජාව ශීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 8.00 -8.30 භාවනාව,8.30-9.30 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි , 9.30 -10.30 ධර්ම දේශනාව තල්ගමුවේ සුධීරානන්ද හිමි 10.30-11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව

පස්වරු 12.15-1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාව 1.00-2.00 ධර්ම දේශනාව දිගන සුගතවංශ හිමි 2.00-3.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 3.30-4.30 ධර්ම සාකච්ඡාව මහකෙළියේ ලොකුස්වාමින් වහන්සේ 4.30-5.00 සිල් පවාරණය සහ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි


මාතර තරුණ බෞද්ධ සමිතිය

මෙම වැඩසටහනට එප්පාවල තිලෝකනාථ, හොරපාවිට ගුණසිරි, සමිත හිමි, ගම්මැදගම චන්ද්‍රජෝති, හඳුගල සමිඳු, ජුලම්පිටියේ සෝමින්ද, ජුලම්පිටියේ සුසිත යන හිමිවරු පින්කම් මෙහෙයවති. ධර්මාචාර්ය නීතිඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන් ශාස්ත්‍රපති බෙලිගල්ලේ ධම්මජෝති හිමි, දේශමාන්‍ය කාවින්ද සිරිවර්ධන වැඩසටහන සංවිධානයේදී සහාය වෙති. බුදුසරණ පත්‍රය බෙදාදීම පී.ඒ. ගාමිණී මහතාගේ ප්‍රධානත්වයෙනි. විශේෂඥ වෛද්‍ය හිටපු සම්මාන සභාපති දිවංගත එස්.පී. කුලරත්න මහතාගේ ගුණ සමරුව මෙදින සිදුකෙරේ.


තලවතුගොඩ – සංඝමිත්තාරාමය

අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධී පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ඇත. පෙරවරු, 8.00 සිට 9.00 ධර්ම දේශනය අමිතදේව හිමි 9.00 සිට 10.00 භාවනාව වැලිවේරියේ ගෝතමි දසසිල් මාතාව 10.00 සිට 11.00 ධර්මදේශනාව රාජකීය පණ්ඩිත වේරදුවේ මහින්ද හිමි 11.00 දහවල් බුද්ධ පූජාව 12.30 සිට 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය , 1.00 -2.00 ධර්මදේශනාව නෙළුවේ නිර්මාණි දසසිල් මාතාව, 2.00-3.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත දර්ශනපති වතුරවිල සිරි සුජාත හිමි,3.15 - 5.15 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී බඹරැන්දේ වජිර හිමි, තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 ට මල් පහන්, ගිලන්පස ,අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව, සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදාදෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


සිරි වජිරඤාණ ධර්මායතනය – මහරගම

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පස්වරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ගොතටුව වන්දන විහාරයේ විහාරාධිපති හිගුරේ පඤ්ඤාසේකර හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම දේශනය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව මාගම සුජාත හිමි, පැනසිහගම ඛේම හිමි, ප.ව. 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ ධම්මරක්ඛිත හිමි, බලංගොඩ බෝධිධම්ම හිමි, පස්වරු 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව විනයාචාර්ය රන්වල ඥාණවාස හිමි, 2.00 – 3.00 අලුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව - ගම්පහ මහානාම හිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.

තරුණසීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ලග්ගල අසම හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව කොබ්බෑවල මේධංකර හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ බෝධිධම්ම හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය දොස්තර ජයන්ත සෙනෙවිරත්න මහතා 3.00 – 4.00 ධර්ම දේශනාව තිත්තගල්ලේ ආනන්දසිරි හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබේබෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


කුළුගම්මන දේවමිත්ත නාහිමි ගුණ සමරු පින්කම්

උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ’ ලේඛකාධිකාරි මධ්‍යම පළාත් අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති අපවත්වී වදාළ කුළුගම්මන දේවමිත්ත නාහිමිපාණන්ගේ හතරවෙනි ගුණ සමරු පින්කම අගෝස්තු 29,30 දිනවලදී සිදුකෙරේ. නිකිණි පුර පුර පෝදා සවස බෝධි පූජාවකි. පිරිත් දේශනයකින් පසුදින මහා සංඝයා වහන්සේලා විෂයෙහි පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාවකි. විහාරාධිපති. ශාසන ජෝතිකා කාරක සංඝ සභා සභික ශාස්ත්‍රපති වල්දෙණියේ ගුණරතන හිමිගේ ප්‍රධානත්වයෙන් මෙම අගාමික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.


විලියම් ගුණරත්න පදනමේ නිර්මාතෘ වෙනුවෙන් පින්කම්

බෙන්තොට දෙද්දුව ගංගාරාමාධිපති බටුවන්හේනේ ඤාණානන්ද මාහිමියන්ගේ අනුශාසනා පරිදි පොහොයදා (29) දෙද්දුව ගංගාරාම විහාරස්ථානයේදී පින්කම් රැසක් පැවැත්වීමට ඇත. හිටපු ගම්පති සහ සාමවිනිසුර විලියම් ගුණරත්න මහතාට සහ අතාලවති පෙරේරා මහත්මිය සිහිපත් කර එහි පින්කම් පැවැත්වේ. උදෑසන හීල දානය මහ සංඝරත්නයට පිරිනමන අතර පෝදින සිල් සමාදන් වූ උවැසි උවැසියන් සඳහා හීල් දානය පිරිනැමීමද සිදුවේ. උදෑසන 9.00ට කාව්‍ය ශී‍්‍ර මාවත වත්තේ චන්දන මාහිමියන්ගේ ධර්ම දේශනාවක් ද එයට සමගාමීව බුදුසරණ පුවත්පත ධර්ම දානයක් ලෙස බෙදා හැරීම ද කරනු ලැබේ.


අලුබෝමුල්ල ශ්‍රී මෙත්තාරාමය

පානදුර අලුබෝමුල්ල ශ්‍රී මෙත්තාරාමයේදී කපුගම්පොත රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පෝදා රාත්‍රී 7.00ට කවිදම් දෙසුමක් පොල්ගස්වත්තේ සුඛීතා සිල්මාතාව විසින් පවත්වනු ලබයි.


කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

සිල් වැඩසටහන මෙහෙයවීම හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර නාහිමි පදනමේ මව් සංගමයේ ප්‍රධාන ලේකම් ආයුර්වේද වෛද්‍ය සමරවර්ධන නිශ්ශංක මහතා, සහාය මහනුවර රෝහලේ පරිපාලන නිලධාරිව සේවයේ සිටි සාමවිනිසුරු බී.එම්.එස්.බී. බස්නායක මහතා පෙරවරු 6.45 – 7.00 බුද්ධ වන්දනා හා සැදැහැ ගාථා බී.එම්.එස්.බී. බස්නායක මහතා, 7.00 – 7.45 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා අනුශාසනාව හෙම්මාතගම සිද්ධාර්ථ නාහිමි, 9.00 – 9.45 ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී ඇම්.ආර්. මද්දුම බණ්ඩාර මයා, 9.45 – 10.45 ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී එස්.එම්.කේ. සිරිවර්ධන මයා, පස්වරු 12.30 – 1.00 ශිලාවර්ජනය දේශක බී.එම්.එස්.බී. බස්නායක මහතා, 1.00 – 2.00 ජීවිතය හා බුදුදහම ශාස්ත්‍රවේදී යූ.ජී.එම්. බණ්ඩාර උඩගෙදර මහතා, 2.45 – 3.45 ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී පන්නල ආනන්ද හිමි, 4.00 – 5.00 ධර්මානුශාසනාව මීගලෑවේ නන්දරතන හිමි, ප.ව. 5.00 සිල් පවාරණය


මාතර සිරිවජිරඤාණ ධර්මායතනය

පෝදා වැඩසටහන පැලෑනේ සුවිනීත හිමියන්ගේ අනුශාසනා පරිදි තෙලිජ්ජවිල සුසමාහිත, තලහගම ඥානරතන, දේවාලේගම සුමනරතන, කොලොන්නාවේ හේමසිරි, හක්මණ මධුරධම්ම යන හිමිවරු පින්කම මෙහෙයවති.


මාතර වල්පල සිරිමංගල පිරිවෙන

වලස්ගල පුන්නජි මයුරවංශ නා හිමියන්ගේ අනුශාසනා පරිදි වලස්ගල පඤ්ඤාසිරි , කැලණියේ අජිත, හොරපාවිට ධම්මිස්සර, කුඩාගොඩ ඤාණවංශ, බලංගොඩ ශාන්ත,තණමල්විල මුදිත, සෙවණගල ධම්මික, හිනිදුම අස්සජි යන හිමිවරු පෝදා පින්කම් මෙහෙයවති.


හුණුපිටිය ශි‍්‍ර විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි පාණන්ගේ අනුශාසනා පරිදි අම්බලන්ගොඩ සුමනන්ද දේවගොඩ පියරත්න, ඇලපිටිවෙල නන්දවිමල, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කරති.


කලල්ගොඩ සිරිගුණසේකර ධර්මායතනය

පෙරවරු 6.30 - උපෝසථ ශීල සමාදානය සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව , රම්මලේ අරියවිසුද්ධි හිමි, 8.00 – ධර්ම දේශනය විදුරපොල ආනන්ද හිමි, 9.30 – ධර්ම දේශනය කන්තලේ සිරිනන්ද හිමි, 11.00 – දහවල සම්බුද්ධ පූජාව පොල්වත්තේ ධම්ම විසුද්ධි හිමි, පස්වරු 12.45 - තෙරුවන් වන්දනාව සහ පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී සංඝරත්නය සමඟ සිල් පිරිස ,1 . 30 – පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියැවීම විජේසිරිවර්ධන මහතා, 2 . 00 – කාව්‍යමය ධර්ම දේශනය, 2 . 30 – ධර්ම දේශනය ලේනබටුවේ තිලකවිසුද්ධි හිමි, 3 . 00 – ධර්ම දේශනය, 4 . 00 – ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි , රාත්‍රී 6. 30 – බුද්ධ බෝධි වන්දනාව, රම්මලේ අරියවිසුද්ධි හිමි සමඟ ධර්මායතනවාසී මහ සඟරුවන, මෙදින ද බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරනු ලබන්නේ සෝමා කුමාරිහාමි මිය, කාන්ති ලියනගේ මිය සහ අමරා ගමගේ යන මහත්මීන් විසිනි.


සත්බුදු වන්දනා පින්කමක්

නිකිණිපුන් පොහොය දින සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා කෙරෙන අසිරිමත් ‘සත්බුදු වන්දනා පින්කම, මේ මස 29 වනදා පස්වරු 6.00 සිට රාත්‍රී 8.00 දක්වා දඹදෙණිය සිරිගල ශ්‍රී පරාක්‍රමබාහු පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ නිකිණි පුන් පොහොය වැඩසටහන අනුරාධපුර, , උණගස්වැව, වේලුවනගම අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ. මෙම නිකිණි පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා , භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. 30 වැනිදා, (පොහොය දිනට පසු දින) අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී භාවනා වැඩසටහනක් පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් පැවැත්වේ. එම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක, ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 29 වන (පොහෝදා) ධර්ම දේශනා පින්කමක් හා ගිලන්පස , බුද්ධ පූජා බෝධි පූජා පින්කමක් කොබවක, ශ්‍රී සුමනාරාමයේ දී පැවැත්වේ. මෙදින පෙරවරු. 9.00 ට ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ හඳපානාගල සීවලි හිමියන් විසිනි.

සවස 6.00 ට ගිලන් පස බුද්ධ පූජා , බෝධි පූජා පින්කම මෙහෙයවනු ලබන්නේ වීරියගම අනුරුද්ධ හිමි විසිනි.

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]