UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගමයි පන්සලයි

ගමයි පන්සලයි

සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනය දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන විහාරස්ථාන සහ ගම්මාන නගාසිටුවීමේ පරමාර්ථය පෙරටුකොට ගෙන මෙම වසරේ “ගමයි පන්සලයි” විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ප්‍රථම ව්‍යාපෘතිය මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කල්‍යාණපුර, ගජබාපුර,මොනරවැව යන ගම්මාන කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක වේ.

150 වන අනගාරික ධර්මපාල ජන්ම සංවත්සරය සමගාමීව ක්‍රියාත්මක කරන අනගාරික ධර්මපාල වර්ෂයේදී ගුණනුවණින් පෝෂිත ධර්මපාල ගම්මාන පිහිටුවීම පරමාර්ථයයි. මෙහිදී විශේෂයෙන්ම පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත්වේ.

විහාරස්ථාන සඳහා ධර්මශාලා, වැසිකිලි ආදි මූලික අවශ්‍යතා ලබාදීම , දහම් පාසල් වැඩිදියුණු කිරීම, මාසික පොහෝදින වැඩසටහන් පැවැත්වීම සඳහා විචිත්‍ර ධර්මකථික ස්වාමින් වහන්සේලා වැඩම කර ධර්ම දේශනා පැවැත්වීම , අන්තර් දහම් පාසල් රචනා, විවාද සහ කථික තරග පැවැත්වීම

පිරිසුදු පානීය ජල ව්‍යාපෘති ඇති කිරීම (වකුගඩු රෝගයට පිළියමක් ලෙස) , වැසිකිලි නොමැති ගම්වාසීන්ට වැසිකිලි ලබාදීම , ස්වයංරැකියා වැඩි දියුණු කර ගැනීමට මූල්‍ය උපකාර කිරීම සහ වෘත්තීය නිපුණතා ඇති තරුණයින් බිහිකිරීම , ගොවීන්ට ගුණාත්මක බීජ ලබාදීම , වස විසෙන් තොර කාබනික පොහොර භාවිතයෙන් භෝග නිෂ්පාදනය කිරීම, දැනුවත් කර නිෂ්පාදනයට උපකාරි වීම , ගොවි නිෂ්පාදන සඳහා නිවැරදි මිලක් ලබා ගැනීමට උපාකරි වීම .

එම පරමාර්ථය පෙරදැරි කොටය ගෙන පසුගිය ජූලි මස 30,31 යන දිනයන්හිදී සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ගමයි පන්සලයි වැඩසටහන් සම්බන්ධීකාරක උප සභාපති සෙන්පති සුදත් මඩුගල්ලේ, උප සභාපතිනි වෛද්‍යරාණී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි විය.

එදිනම සවස 5.00 ඩී.10 පදවි මෛත්‍රිපුර ශී‍්‍ර බෝධිරුක්කාරාමයේදී විචිත්‍ර ධර්ම කථික පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ විශේෂ ධර්ම දේශනයක් පවත්වන ලදී. ඊට පොලිස් ස්ථානාධිපති තුමා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිතුමා ඇතුළු විශාල පිරිසක් සහභාගි විය. සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනය මගින් දුෂ්කරතා වලින් පෙළෙන විහාරස්ථාන සහ ගම්මාන නගා සිටුවීමේ ප්‍රථම ව්‍යාපෘතිය ලෙස මුලිතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කල්‍යාණපුර, ගජබාපුර, මොණරවැව, නිකවැව ආදී ගම්මානයන් ගුණදමින් පෝෂිත ගම්මාන ලෙස නගාසිටුවීමට දායකවන ලෙස සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා ඉල්ලා සිටී. වැඩි විස්තර සඳහා ' සෙන්පති සුදත් මඩුගල්ල , උප සභාපති / ව්‍යාපෘති සම්බන්ධිකාරක , “ගමයි පන්සලයි” සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනය , කොළඹ 07 ලිපිනයෙන් විමසිය හැක.

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]