UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ මහා පෙරහර 29 වැනිදා

මහනුවර ඇසළ මහා පෙරහර 29 වැනිදා

මහනුවර ඇසළ මහ පෙරහරේ අවසන් රාත්‍රි මහා පෙරහර හා දියකැපුම් පෙරහර අගෝස්තු 29 වැනිදා නිකිණි පුර පසළොස්වක පෝදා පැවැත්වේ. 29 වැනිදා 7.59 ට රාත්‍රී උතුරු දිශාභිමුඛව පෙරහර ශ්‍රී දළදා මාළිගාව අසලින් පිටත්ව දළදා වීදිය යටිනුවර වීදිය, කන්දේ වීදිය,ඩී.එස්.සේනානායක වීදිය, ඔස්සේ ගමන්කර රජවීදිය දිගේ ඉහළටවිත් ගෙවදී.

දිය කැපුම් පෙරහර 30 අලුයම 01.02 ට උතුර දිශාභිමුඛව මාළිගාව පෙරහර සිව්දේවාල පෙරහර සමඟ පිටත්ව ගෙඩිගේ රජ මහා විහාරයට ගොස් සිරිත් ප්‍රකාර කරඬුව එහි තැන්පත් කර සිව්දේවාල පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පවත්වා ගැටඹේ දියතොටු- පොළටවිත් දියකැපුම් මංගල්‍යය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට විත් දේව පූජා පවත්වනු ඇත. සිරිත් පරිදි 30 වෙනිදා දහවල් 11.50 ට ගණදෙවි කෝවිලෙන් පිටත්වන සිව්දේවාල පෙරහර සවස 2.14 ට ගෙඩිගේ විහාරයෙන් පිටත්වන මාළිගාවේ පෙරහර පෙරටු කරගෙන ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, රජ වීදිය දිගේ ගමන් කර මාළිගා චතුරශ්‍රයේ ගමන්කර සවස 4.20 ට වයඹ බලා ගෙවදී.

සම්ප්‍රදාය අනුව පෙරහර පුවත ජනාධිපතිතුමාට සැලකිරීමට දියවඩන නිලමේ ප්‍රධාන බස්නායක නිලමේවරුන් පෙරහරෙන් ජනාධිපති මන්දිරයට ගොස් දියවඩන නිළමේතුමා සංදේශය ජනාධිපතිතුමාට පිළිගන්වනු ලබයි.

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]