Print this Article


පුලස්තිගම ශ්‍රී පැරකුම්බා පිරිවෙනේ නේත්‍රාප්‍රතිෂ්ඨාපන පින්කම

පුලස්තිගම ශ්‍රී පැරකුම්බා පිරිවෙනේ නේත්‍රාප්‍රතිෂ්ඨාපන පින්කම

පුලස්තිගම ශ්‍රී පැරකුම්බා මහා පරිවේනාස්ථානයේ ෙඓතිහාසික සේමාවතී ප්‍රධාන මාර්ගයට යාවන අභිනවයෙන් ඉදිකරන ලද 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාන පුණ්‍ය කර්මය මේ මස 06 වැනිදා සිදු වන බව ශ්‍රී පි‍්‍රයදර්ශනාරාම විහාරාධිපති හබරණ රතනධම්ම හිමියන් දන්වා ඇත.

මෙම නේත්‍රා තැබීමේ පින්කමෙන් අනතුරුව එදින සවස 6.30 දීගල පියදස්සි හිමියන් පවත්වන ආශිර්වාද පහන් පූජාව සහිත බෝධි පුජාවක් හා කාව්‍යමය දහම් දෙසුමක් පැවැත්වේ. පුරා සති තුනක් පුරාවට මෙම බෝධි පූජා, ගිලන්පස පූජා, අටවිසි බුද්ධ පුජා, පවත්වා අපවත් වී වදාළ තවලන්දන පඤ්ඤාවිශුද්ධි හිමි සහ මාපේගම පියරතන හිමියරුන්ට පින් අනුමෝදන් කිරීමක්ද සිදු කෙරේ.