Print this Article


සීනිගම ඇසළ පෙරහර

සීනිගම ඇසළ පෙරහර

1968 වර්ෂයේ දක්ෂිණ ලංකා තරුණ ලේඛක සංගමයේ අනුග්‍රහය ඇතුව සීනිගම ගම්වාසීහු එකතු වී සීනිගම දේවාල භාරකාර මණ්ඩලය බිහිකර මල් පෙරහරකින් ආරම්භ කළ ඇසළ මංගල්‍යයේ 48 වැනි වාර්ෂික මහා පෙරහර දිවා, රාත්‍රී තෙල්වත්ත, හික්කඩුව, සීනිගම, වැරැල්ලාන, තොටගමුව, ගම් ප්‍රදේශ හරහා ගමන් කරනු ලැබේ.

එම පෙරහර හතර වීථි සංචාරය කරනු ලබන්නේ අලි ඇතුන්, උඩරට, පහතරට සබරගමුව නර්තන පනහකට අධික සංස්කෘතික අංගවලින් පරිපූර්ණ අලංකාර පෙරහර සතර අගෝස්තු මස 8, 9, 10, 11 යන දිනයන්හි සීනිගම අවට නගරවල වීථි සංචාරය කරනු ඇත.

අගෝස්තු මස 6 දින පෙරවරු 9 ට උදා සමුළුව ආරම්භ වන අතර එදින රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වා පසුදින හීල දානය ගරුතර සංඝරත්නයට පිරි නැමේ.

විජය හා පණ්ඩුකාභය දේව දරුවන්ට කළ යාග ශාන්තිය සිහිපත් කිරීමක් වශයෙන් සීනිගම ඇසළ පෙරහරේ ශාන්ති පූජාව අලංකාර මණ්ඩපයක තබා ගෞරවාකාරයෙන් වැඩම කරනු ලැබේ.

මෙසේ අනාදිමත් ඉතිහාසයට හිමිකම් කියන සීනිගම දෙවොල් දේවාලයේ රා.ව. 1968 ආරම්භ කළ පෙරහර අද ඉතා දියුණු තත්ත්වයට පත්වී ඇත.

වර්තමාන භාරකාර මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සෑම වසරක් පාසා මෙම ඇසළ මංගල්‍යය රජයේ අනුග්‍රහය ඇතුව පැවැත්වීම සිරිතක් කොට පවත්වා ගෙන යනු ඇත.

මෙම භාරකාර මණ්ඩලයේ ආදි කර්තෘන් වශයෙන් ශාස්ත්‍රවේදී තිත්තගල්ලේ සුදස්සී හිමි සභාපති වශයෙන් කටයුතු කර ඇත.