Print this Article


බෙල්ලන්විල රන්දෝලි මහ පෙරහර 15 වනදා

 බෙල්ලන්විල රන්දෝලි මහ පෙරහර 15 වනදා

බෙල්ලන්විල රාජමහා විහාරයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පුණ්‍යෙීත්සවය 65 වැනි වරටත් මෙවර උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියෝ පසුගිය 04 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය.

පොදු ජාතික උත්සවයක් ලෙස සලකනු ලබන මෙම පෙරහර පැරැණි චාරිත්‍රානුකූලව පවත්වාගෙන එනු ලබන ආශිර්වාදාත්මක පුණ්‍යෙීත්සවයක් බවත්, මහනුවර දළදා මාලිගා පෙරහරේ පවත්වනු ලබන සියලු චාරිත්‍ර අනුගමනය කරමින් පවත්වනු ලබන බවත්, සංස්කෘතික අංග ඔප්නැංවෙන ලෙස සෑම අංශයකින්ම නියෝජයනය වන පරිදි සාම්ප්‍රදායික දේ රැකගෙන අලුත් දේ ඉදිරිපත් කිරීමටත්, රටේ සංස්කෘතිය ඔප් නැංවෙන පරිදි එය කිරීමට බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ පැවැසීය.

මේ මස 9, 10, 11, 12 මල් පෙරහරද, 13 වැනිදා පාවාඩ පෙරහරද, 14 වැනිදා රන්සිවි පෙරහරද, 15 වැනිදා රන්දෝලි මහා පෙරහරද, 16 වැනිදා දවල් කාලයේදී දියකැපීමේ පෙරහර ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, බෙල්ලන්විල රජමහා විහාස්ථානයේ ඇසළ පෙරහර කොමිටියේ සභාපති සරසවි සමූහ ව්‍යාපාරයේ සභාපති එච්. සේරසිංහ, ලේකම් කේසරලාල් ගුණසේකර, භාණ්ඩාගාරික ආරිය රූබසිංහ සහ මාධ්‍ය කමිටුවේ ක්‍රියාකාරියකු වන විජේබණ්ඩාර මහතාද එක් විය.