Print this Article


මහනුවර ඇසළ පෙරහර කප්සිටුවීම 15 වනදා

මහනුවර ඇසළ පෙරහර කප්සිටුවීම 15 වනදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන මහනුවර ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන සිව් දේවාලයන්හි ඇසළ පෙරහර අගේස්තු 15 වැනිදා සවස සිව් දේවාලයන්හි ඇසළ කප් සිටුවා ආරම්භ කෙරෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මහනුවර ඇසළ පෙරහර සම්බන්ධව නිකුත්කර ඇති විස්තරයකින් ප්‍රකාශ කර ඇත.

විස්තර ප්‍රකාශය අනුව කුඹල් පෙරහර අගෝස්තු 20 දා ආරම්භ කෙරේ. රන්දෝලි පෙරහර 25 වැනිදා, ආරම්භ කර 29 වැනිදා දක්වාත් අගෝස්තු 29 වෙනිදා මධ්‍යම රාත්‍රියේ දියකැපුම් පෙරහර චාරිත්‍රානුකූලව පැවැත්වේ. 29 වැනිදා අවසන් රාත්‍රි රන්දෝලි මහ පෙරහර ගෙවදීමෙන් අනතුරුව රාත්‍රි 01.02 දියකැපුම් පෙරහර ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්ව සිව් දේවාල පෙරහර කැටුව ගැටඹේ දිය තොටුපොළ කරා ගමන් කරනු ඇත. සිරිත් පරිදි දවල් පෙරහර මේ මස 30 වැනිදා පැවැත්වීමෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් කෙරේ. 30 වැනිදා අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයෙන් සවස 2.14ට පිටත්වේ. දවල් පෙරහර මාලිගා චතුරශ්‍රයේ තෙවිටක් ගමන් කර සවස 4.20 ගෙවදී.