Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ජනමාධ්‍ය ඇමැති ගයන්තට සඟරුවනේ ආශිර්වාදය

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ඇතුළු පිරිසට සෙත්පතා පසුගිය දා බලපිටිය ප්‍රදේශයේ මහසඟරුවන සියක් නමක් පමණ මහාකප්පින සීමාමාලක විහාරයේදී ජය පිරිත් දේශනා පවත්වා ආශිර්වාද පළකළ අවස්ථාව. ආශිර්වාද පිරිත් දේශනය කළ බලපිටියේ සිරිසීවලි හිමියෝ අනුශාසනාවක්ද පැවැත්වූහ. එම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී අසෝක ධනවංස සිල්වා, අජන්ත සොයිසා, ජයන්ත ජයවීර යන මහත්වරුද සහභාගි වූහ.

දෙනියාය කොටපොළ ගැටබරු රාජමහා විහාරස්ථානයේදී ඉකුත් පෝදා ආගමික හා සාමාජික ක්‍රියාවන් රැසක් සිදුකැරිණි. එහිදී සාගල රත්නායක මහතා ආගමික වතාවත්වලට සහභාගිවූ අවස්ථාව.