Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨයේ විද්‍යාවේදී හෙද උපාධිය හදාරන පළමු වසරේ සිසුවියක් සඳහා ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලයෙකු වේනම් 0777275171 දුරකතනයෙන් වැඩිදුර විස්තර විමසිය හැක.


නො. 7/ 261 පන්සල පාර ගණේමුල්ල යන ලිපිනයේ පදිංචි එක්දරු පියෙක් වන යූ.වී. සුනිල් යන අයගේ වකුගඩු අක්‍රිය වී ඇති බව කියයි. ඉතා ඉක්මනින් ඔහුට වකුගඩුවක් බද්ධ කළයුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වෛද්‍යවරු පවසති. “ඒ පොසිටිව්“ කාණ්ඩය ඇති ඔහුට “ඒ හෝ ඕ” කාණ්ඩයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු වේ නම් 077 9120654, 033 3834891 දුරකථනවලට ඇමතිය හැකිය.


රාගම, ගල්උඩුවිට අංක 238/1 හි පදිංචි එස්.පී. නාලනි කාන්තිලතා (40) දරුණු වකුගඩු රෝගයකට ගොදුරුව ඇති බව කියයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි කියති. පරිත්‍යාගශීලීන් වේ නම් දුරකථන 0722889121 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා මුදල් වත්තල කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8560051098 යොමුකළ හැකියි.


මහරගම වත්තේගෙදර 34/බී, හි පදිංචි එම්.ආර්. සෙනෙවිරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ රුධිර කාන්දුපෙරණ හා බද්ධ කිරීම් අංශයේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බව කියයි. මොහුට “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වකුගඩුවක් ලබා දිය හැකි පරිත්‍යාගශීලී අයෙකු වේ නම් 0766396369 හෝ 0772990256 දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


ජේ.6/23 දාබරේ මාවත, නාරාහේන්පිට, කොළඹ 05 පදිංචි එච්.එස්. ඒ. සමන් ශ්‍රීලාල් 51 වියැති තිදරු පියෙකි. දැනට ඔහු අසාධ්‍ය වකුගඩු රෝගයට ලක්ව ඇති බව කියයි. ශල්‍ය වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා විසින් වකුගඩුවක් බද්ධ කිරීම කොළඹ ජාතික රෝහලේ දී සිදු කිරීමට තීරණයකොට ඇත. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදීමට පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 072 9666911 අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි. මේ සඳහා යම් ආධාර මුදලක් ලබාදෙන්නේ නම් එච්.එස්.ඒ. සමන් ශ්‍රීලාල් ගිණුම් අංක 100640283762 ජාතික ඉතිරිකිරීමේ බැංකුව කොළඹ 5 වෙත බැර කළ හැක.


ගාල්ල, මාගල්ල පදිංචි ටී. කේ. රාජාප් දරුණු වකුගඩු ආබාධයකින් පෙළේ. වයස අවුරුදු 22ත් 60ත් අතර නිරෝගි පුද්ගලයෙකුගේ ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0912241451 දුරකතනයෙන් වැඩිදුර විස්තර විමසිය හැක.