Print this Article


පිටිහරාව ශ්‍රී අභිනවාරාමය

පිටිහරාව ශ්‍රී අභිනවාරාමය

පිටිහරාම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති තිලක උදාගම ඤාණිස්සර හිමිගේ අනුශාසකත්වයෙන් පින්කම් මාලාවක් අභිනවාරාම විහාරස්ථානයේදී සතියක් පුරා පැවැත්වේ. ජූලි මස 31 දින ශීල සමාදාන වැඩසටහන, රාත්‍රී බෝධි පූජාව හා වස් ආරාධනාව සිදු කෙරේ. අගෝස්තු 01 දින රාත්‍රී 7.00 ට අබතෙල් පහන් පූජාව සහිත අටවිසි පූජාව කළුවාමෝදර සීලතිලක හිමියන් විසින් පැවැත්වේ. ජූලි 02 සිට 05 දක්වා අටවිසි පූජාව පැවැත්වීමට කටයුතු යොදා ඇත. නලපාන ජාතකය සමඟ මහා පහන්කූඩුව පෝදා සිට දින 07 ක් පුරා ප්‍රදර්ශනය කිරීමට සංවිධායක කමිටුව කටයුතු කරයි. වඳුරඹ සමූහ වාර්තාකරු, වින්සර් මුණුගොඩ