Print this Article


පිළියන්දල සංකල්ප විහාරය

පිළියන්දල සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන, සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන දහසකට අධික පිරිසක් සහභාගි වන මහා සිල් වැඩසටහන පෙරවරු 6.00 ට ඇරඹේ. මෙම සිල් වැඩසටහනට වල්පොල ගෝතම, තපෝවනයේ අරියධජ, ගොම්බද්දල ධමිත, මිරිස්වත්තේ ඉන්ද්‍රසිරි, කිරම පේමරතන,පිළියන්දල සරණ, හුංගම සිරිධම්ම ආනමඩුවේ සිරිනිවාස යන හිමිවරුන්ගේ ධර්මදේශනා සහ පී‍්‍රති කුලරත්නගේ ගිහි දේශනයක්ද ඇතුළත් වේ.

රාත්‍රී 7 ට වස් ආරාධනා මහා පින්කම පැවැත්වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව සංකල්ප දායක සභාව සහ සංකල්ප දහම් පාසල සංවිධානය කරයි.