Print this Article


බෙල්ලන්විල ඇසළ පෙරහර ජූලි 30 සිට අගෝස්තු 16 වැනිදා දක්වා

බෙල්ලන්විල ඇසළ පෙරහර ජූලි 30 සිට අගෝස්තු 16 වැනිදා දක්වා

බෙල්ලන්විල රාජමහා විහාරාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආරම්භ කරන ලද වාර්ෂික ඇසළ මහා පුණ්‍යොත්සවය මේ මස 30 වෙනි දා ආරම්භ වේ. ඇසළ පෙරහර නිමිත්තෙන් පැවැත්වෙන සති පිරිත් දේශනය අගෝස්තු මස 02 වැනි දා ආරම්භ කෙරේ. අගෝස්තු 05 වැනිදා කප් සිටුවීම සිදු කරයි. දේවදූත පෙරහර හා කුඹල් පෙරහර අගෝස්තු මස 08 වැනි දිනද, මල් පෙරහර අගෝස්තු 9, 10, 11, 12 දිනවලද, පාවාඩ පෙරහර අගෝස්තු 13 වෙනි දිනද, රන්සිවිලි පෙරහර අගෝස්තු 14 වැනිදා ද, රන්දෝලි මහා පෙරහර අගෝස්තු මස 15 වැනි දිනද පෞරාණික චාරිත්‍රානුකූලව දිය කැපීමේ මංගල්‍යය අගෝස්තු මස 16 වැනිදායින් සිදුකිරීමෙන් පසුව බෙල්ලන්විල ඇසළ මහ පෙරහරේ වැඩකටයුතු අවසන් කෙරේ.