Print this Article


පරිත්‍යාග ශීලියෙකුගෙන් ආදර්ශවත් තවත් පින්කමක්

පරිත්‍යාග ශීලියෙකුගෙන් ආදර්ශවත් තවත් පින්කමක්

කොළඹ දිසාවේ කඩුවෙල පුරවරයට අයත් පැලවත්ත සුන්දර ගම්මානයේ ස්වකීය මව්පිය දෙපළ සිහිගැන්වීමට ගොඩනැගූ ආචාර්ය උපාලි වික්‍රමසේකර මහතාගේ ‘අම්මා තාත්තා නිවස’ පසුගිය දා (ජුනි 13) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කැරිණි.

දකුණු සිරිලක මිහිරිපැන්න ග්‍රාමයේ උපත ලබා ගාල්ල සේදිරා කොන්වන්ට්හි පාසල් අධ්‍යාපනය ලද උපාලි වික්‍රමසේකර මහතා 1960 ජනවාරි 3 වනදා පරණ කමිස තුනක් හා පවුම් 43 ක් අතැතිව එංගලන්තය බලා ගිය අතර එංගලන්තයේ ජීවත්වෙමින් රටවල් තිස් නවයක සංචාරය කර ආයතන 23 ක විවිධ තනතුරු හොබවා සාධාරණව ඉපයූ මුදල් යොදවා “අම්මා තාත්තා නිවස” ඉදිකර ඔවුන්ගෙන් පසු වැඩිහිටියන් තිස් දෙනෙකු වෙත එම නිවස පරිහරණ කිරීමට ඉඩ සලසා ඇත.

2004 සුනාමි විපතේදී අවතැන් වූ ජනතාවට නිවාස පනහකින් යුත් අහංගම හැමිප්ටන් ගම්මානයද ඒ මහතා ඉදිකරවා දී ඇත.

චෙරී වික්‍රමසේකර මහත්මිය ඒ මහතාගේ දයාබර බිරිඳ වන අතර එංගලන්තයේ විශේෂඥ වෛද්‍ය චෙනාලි වික්‍රමසේකරආදරණිය දියණිය වේ.

ආචාර්ය උපාලි වික්‍රමසේකර මහතා ගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථය එංගලන්තයේ විශ්වවිද්‍යාල දෙකක සිසුන්ට පරිහරණය කිරීමට කටයුතු යොදා ඇති අතර තමන් කෙතරම් සුබදායක ලෙස ජීවත්වුවද අසරණ මනුෂ්‍යයන් ගැන ද නිතර සොයා බැලිය යුතුය යන්න ඒ මහතාගේ පැතුම වෙයි.

ඒ මහතාගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථය (ඉංගී‍්‍රසි භාෂාව) අවශ්‍ය ආයතන, පාසල් විශ්වවිද්‍යාල වෙතොත් 0712726549 ‘විමසිය’ හැකිවේ. වසර 55 ක් පමණ මහා බ්‍රිතාන්‍යයේ ජීවිතය ගත කළ උපාලි වික්‍රමසේකර මහතා අපගේ මව්බිමට මහත් අභිමානයක් වනු ඇත.

‘අම්මා තාත්තා නිවස’
“අම්මා තාත්තා නිවසේ”දී පැවැති සර්වරාත්‍රික පිරිත් දේශනාව
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නව ගොඩනැගිල්ල විවෘත කළ අවස්ථාව
මාදුළුවාවේ සෝභිත හිමියෝ අනුශාසනාව පවත්වමින්
නාම පුවරුව උපාලි වික්‍රමසේකර මහතා විවෘත කළ අයුරු
ආචාර්ය උපාලි වික්‍රමසේකර මහතාගේ චරිතාපදානය ඇතුළත් ග්‍රන්ථය ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වූ අයුරු