Print this Article


බුදුගුණ භාවනාව

බුදුගුණ භාවනාව

 

ජූලි 08 පත්‍රය හා සම්බන්ධයි

විජ්ජාචරණ සම්පන්න ගුණය - 19

30.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීත අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අනුන්ගේ දේපළ විනාශ කළ අය මෙහි උපදී)

31. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අඟුරුමැල අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සතුන් පුළුස්සා දැමූ අය, විහාරාරාම ගෙවල් ගිනි තැබූ අය මෙහි උපදී)

32.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දළ කෙස්මැළි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (හොර වෙළඳාම් කළ අය මෙහි උපදී)

33.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පොකුරුපත් අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අක්‍රෝස පරිභව කළ අය මෙහි උපදී)

34.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අළුකුඹු නරකය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තම ජීවිත නැති කරගත් අය, අවි ආයුධ නිපදවූ අය, පෝයට වැඩ කළ අය මෙහි උපදී)

35.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කිහිරි අඟුරු අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ගවයින්ට කෑම නොදී වැඩගත් අය මෙහි උපදී)

36. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රෝරුව අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සොරකම් කළ අය, බුදු පිළිම, කරඬු විකුණා ජීවත් වූ අය මෙහි උපදී)

37.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (කකුළුවන් , මාළුවන් මැරූ අය මෙහි උපදී)

38.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පසුඝාත අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අවි ආයුධ වලින් සතුන් මැරූ අය, සත්තු මරා මස් කෑ අය මෙහි උපදී)

39.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මංශපේශී අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සතුන් මරා මස් විකුණා ජීවත් වූ අය උපදී)

40.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාකුනික අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (උගුල් අටවා සතුන් මරා කෑ අය උපදී)

41.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඕරබ්බික අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බෙල්ල මිරිකා) සතුන් මරා ජීවත් වූවෝ මෙහි උපදී)

42.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගාමකූටක අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහ්න්සේ අසිලෝම අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සතුන් අවි ආයුධ වලින් කපා මැරූ අය මෙහි උපදී)

44.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මිල්හගබ්බ අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (භික්ෂූන්ට අපවිත්‍ර දෙයින් සංග්‍රහ කළ අය උපදී)

45. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිච්ඡවි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( තම ස්වාමියා හැර වෙනත් පුරුෂයන් සමඟ විනෝද වූ අය මෙහි උපදී)

46.ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මංලත්තික අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අනුන් මිත්‍යා දහමට හැර වූ අය මෙහි උපදී)

47. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඕකිලිනි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තමන්ට සතුරු ස්ත්‍රින් ගිනි තබ්බවා දුක් දී මැරූ අය මෙහි උපදී)

48.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,ඔබ වහන්සේ අසීසක අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සතුන්ගේ හිස කන් නැසූ අය මෙහි උපදී)

49.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරලෝභ අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

සාධූ ! සාධු! සාධු!
සාධු! සාධු! සාධු!


විජ්ජාචරණ සම්පන්න ගුණය - 20

සෝ භගවා ඉතිපී විජ්ජාචරණ, සම්පන්නෝ
සෝ භගවා ඉතිපී විජ්ජාචරණ, සම්පන්නෝ
සෝ භගවා ඉතිපී විජ්ජාචරණ, සම්පන්නෝ

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නච්චවාදක අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නැටුම් ගැයුම් ඉගෙන දර්ශනය කොට මුදල් නුදුන් අයට නිග්‍රහ කළ අය මෙහි උපදී. )

2. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පානීහිංසක අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( සත්ව ඝාතන කළ අය මෙහි උපදී )

3. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාකෝල අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( අධික පොලී ගත් අය මෙහි උපදී )

4. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වේලුනදඅපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පැනගිය වහලුන් අල්වා තලා පෙලා දැමූ අය මෙහි උපදී )

5. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පහස අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බොරුවෙන් මහජනයා සතුටු කරවා මුදල් උපයා ගත් අය මෙහි උපදී )

6. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංචිච්ච අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බල්ලන් බළලුන් මැරූ අය මෙහි උපදී )

7. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහාජාල අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සත්වයන් තලා පෙලා දැමු අය මෙහි උපදී )

8. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකකල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දෙමාපියන්ට, මහණ බමුණන්ට, සිල්වතුන්ට නිග්‍රහ කළ අය උපදී )

9. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ද්විකල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තෙරුවන්ට, ඉරහඳට, මහපොළොවට බැන්න අය මෙහි උපදී )

10. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තයෝකල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තෙරුවන්ට පුද්ගලයන්ට බැණ බැණ ඇවිදපු අය මෙහි උපදී )

11. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චතුකල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දාස භාවයෙන් නොමිදි බුදු සසුනේ මහණ වූ අය මෙහි උපදී )

12. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචකල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ධර්මයට ගෞරව නොමැතිව දේශනා කළ අය මෙහි උපදී )

13. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඡකල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දා සිල්ව සිව්පස පරිභෝග කළ අය මෙහි උපදී )

14. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත කල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සීලයක පිහිටා බොරු කේලාම් කී අය මෙහි උපදී )

15. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අට්ඨ කල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පැවිදි වී මත්ද්‍රව්‍ය පාවිච්චි කළ අය මෙහි උපදී )

16. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නච කල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( අල්ලස් ගත් අය මෙහි උපදී )

මතු සම්බන්ධයි