Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වෙනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙණ ඤාණිස්සර, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමි, කැලණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් සහ අමාත්‍ය නන්දමිත්‍ර ඒකනායක ඒ. එච්. එම් ෆවුසි, ඒ.එල්.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ. ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

පලීපාන පූජාපිටිය උඩමුදුන ශ්‍රී පූර්වාරාමයේ ඓතිහාසික වතගොත ද පූර්වාරාමය මඟින් අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන 90 වැනි මිහිඳුු මහ පෙරහරේ පුරා වෘත්තයද ඇතුළත්කර විශ්‍රාමලත් විදුහල්පති එම්.පී.ජී. සේනාරත්න මහතා විසින් සංස්රකණය කළ “අනුබුදු මිහිඳුු මහ පෙරහැර විසිතුරු” නමැති ග්‍රන්ථයේ පිටපත් ඒ මහතා විසින් ආචාර්ය ගොඩගම මංගල හිමියන් වෙත පිරිනැමු අවස්ථාව. කේ බණ්ඩානායක