Print this Article


උපසම්පදා විනය කර්මය 18 වනදා

උපසම්පදා විනය කර්මය 18 වනදා

අමරපුර සිරි සද්ධම්මවංස ධීරානන්ද සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා විනය කර්මය ජූලි මස 18 වන සෙනසුරාදා පස්වරුවේ කොළඹ කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරස්ථ ශ්‍රී ධීරානන්ද උපෝසථාගාරයේ දී පැවැත්වේ.

ධීරානන්ද සංඝ සභාවේ මහානායක ධුරන්ධර ගාල්ල කලේගාන චේතියගිරි පුරාණ මහා විහාරය මහනුවර බටුඅඹේ චේතියගිරි විහාරය යන උභය විහාරාධිපති “සිරි ධම්මරතනවංසාවතංස” “සිරි සුගත සාසන සෝභන” මහෝපාධ්‍යාය, ගෞරව ශාස්ත්‍රවේදී බෙලිගල්ලේ ජිනවංසාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා තත් නිකායේ කාරක සභිකයන් වහන්සේලා ඇතුළු මහා සංඝයා වහන්සේලාගේ සහභාගිත්වයෙන් උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සිදු කෙරේ. උපසම්පදාපේක්ෂක ස්වාමීන් වහන්සේලා වැඩම කරවා ගෙන එනු ලබන පෙරහර 18 වන දා සවස මරදාන එලියස් පෙදෙසේ සංඝමිත්තා විහාරයෙන් ආරම්භ කොට කුප්පියාවත්තේ ජයශේඛරාරාම විහාරස්ථානයට පැමිණීමට කටයුතු සංවිධානය කර තිබේ.