Print this Article


අධි සිල් ලබති

අධි සිල් ලබති

මොරටුව, කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ‘ශාසන කීර්ති ශ්‍රී’ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය, ගාල්ල, වඳුරඹ, මැදකිහිඹිය, බදුවත්ත ලිපිනයේ පදිංචි ඩී.එච්.ජයතිස්ස සහ එච්.සෝමාවතී යන දම්පතීන්ගේ පුත් දැනට කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණේ අධ්‍යාපනය ලබන වඳුරඹ ඤාණාලෝක පොඩිහාමුදුරුවන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර, එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ මහානායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කුරුවිට සරණංකරාභිධාන මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව වෙතින් 2015 ජූලි මස 18 වෙනි දින රත්නපුර නව නගරයේ ආනන්ද මෛත්‍රීය භික්ෂු පුහුණු ආයතනස්ථ බද්ධ සීමා මාලකයේ දී අධි සිල් ලබති.