Print this Article


බුදු ගුණ භාවනාව විජ්ජාචරණ සම්පන්න ගුණය - 17

බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 17

සාධු ! සාධු ! සාධු !

සෝභගවා ඉතිපි විජ්ජාචරණ, සම්පන්නෝ
සෝභගවා ඉතිපි විජ්ජාචරණ, සම්පන්නෝ
සෝභගවා ඉතිපි විජ්ජාචරණ, සම්පන්නෝ

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේ ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

01. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාම යෝගය තරණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (කාමයන්ති යෙදීම)

02. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භව යෝගය තරණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (භව තණ්හාවේ යෙදීම)

03. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිට්ඨි යෝගය තරණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දෘෂ්ටියේ යෙදීම)

04. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවිද්‍යා යෝගය තරණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අවිද්‍යාවේ යෙදීම)

05. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාම ඕගය තරණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (කාම සැඩ පහරෙ)

06. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භව ඕගය තරණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

07. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිට්ඨි ඕගය තරණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

08. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවිද්‍යා ඕගය තරණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

09. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාම උපාදානය තරණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (කාමය දැඩිව ගැනීම)

10. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිට්ඨි උපාදානය තරණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( දෘෂ්ටිය දැඩිව ගැනීම)

11. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීලබ්බත පරාමාස උපාදානය තරණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (වැරදි සීල දැඩිව ගැනීම)

12. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අත්තවාද උපාදනය තරණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අන්තවාදය දැඩිව ගැනීම)

13. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවිද්‍යා කාය ග්‍රන්ථය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( අවිජ්ජා කෙලෙස් ගැට )

14. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ව්‍යාපාද කාය ග්‍රන්ථය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( තරහා ගැට )

මතු සම්බන්ධයි


බුදු ගුණ භාවනාව - විජ්ජාචරණ සම්පන්න ගුණය - 16