Print this Article


මහරගම තරුණ බෞද්ධ සංගමය

මහරගම තරුණ බෞද්ධ සංගමය

බෞද්ධ ජනතාව අතර දහම් දැනුම වැඩිදියුණු කිරීමේ පරමාධ්‍යාශයෙන්ද, බෞද්ධ ග්‍රන්ථ විමර්ශනය කරන්නන්ගේ හා බෞද්ධ පර්යේෂණ කටයුතුවල නිරත වන්නන්ගේ ප්‍රයෝජනය උදෙසාද, මහරගම තරුණ බෞද්ධ සංගම් පුස්තකාලය පුළුල් වැඩ පිළිවෙලක් ආරම්භ කොට ඇත.

ඒ සඳහා කෙරෙන අනුග්‍රහයක් වශයෙන් මේ වනවිට බෞද්ධ නිවෙස්වල ස්වකීය දෙමව්පියන්ට හෝ වැඩිහිටියන්ට අයත් දැනට පරිහරණය නොකරන පැරණි බෞද්ධ පොතපත ඇතොත්, ඒවා පොදු පරිහරණය සඳහා මහරගම තරුණ බෞද්ධ සංගම් පුස්තකාලයට පිරිනමන මෙන් එකී සංගමය ඉල්ලීමක් කරයි. 011 – 2 839956 දුරකථනයෙන් අවශ්‍ය විස්තර දැනගත හැක.