Print this Article


අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය – 2015

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය – 2015

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය 2015 ජූලි 22, 23, 24 යන දිනවල දී බලපිටිය, වැලිතර මහා කප්පින සීමාමාලක විහාරය යාබද ‘ස්වේජින්’ සීමා මාලකයේ දී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීල විසුද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත බව නිකායික සියලු භික්ෂු සංඝයා වෙත මෙයින් දැනුම් දෙමු.

සුදුසුකම් සපුරා ඇති උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා ලේඛකාධිකාරී නාහිමිවරු, මහා කප්පින සීමාමාලක විහාරය, වැලිතර, බලපිටිය යන ලිපිනයෙන් අයදුම්පත් ලබාගෙන සම්පූර්ණ කොට සිය ආචාර්යයන් වහන්සේ මගින් 2015 ජූනි 25 දිනට පෙර එම ලිපිනයටම ලැබෙන්නට සැළැස්විය යුතු යැයි නිවේදනය කෙරේ.