Print this Article


ජනමාධ්‍ය ඇමැති ගේ සුරතින් වෙසක් පොහෝදා "බුදුසරණ" ධර්ම දානයට

ජනමාධ්‍ය ඇමැති ගේ සුරතින් වෙසක් පොහෝදා "බුදුසරණ" ධර්ම දානයට


ඇමැතිවරයා විසින් වැලිපිටියේ සුමන හිමියන් වෙත බුදුසරණ පිළිගැන්වූ අවස්ථාව

ජනමාධ්‍ය ඇමැතිවරයා බුදුසරණ බලමින්... ලේක්හවුස් නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස් මහතාද මෙහි වේ.

ඓතිහාසික වටිනාකමකින් යුත් සිද්ධස්ථානයක් වන බද්දේගම සන්දරවල හැඩිදෙමලාකන්ද දුටුගැමුණු රජමහ විහාරයට පසුගිය දා (වෙසක් පොහෝදා) පැමිණි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා, එහි සිල් සමාදන් වූ පිරිසට බුදුසරණ පුවත්පත නොමිලයේ දහම් පඬුරක් ලෙස ලබාදීමට කටයුතු කළේය.

ලේක්හවුස් ආයතනය මුද්‍රණය කරනු ලබන සියලුම පුවත්පත් සෑම දිනකම මේ විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ට කියවීමට හැකි වන සේ පුවත්පත් කුටියක් විවෘත කිරීමත් ඊට සමගාමීව සිදුවිය.

ලේක්හවුස් ආයතනයට මා නීති අධ්‍යක්ෂක ලෙස සිරි මෙවන් ඩයස් මහතා පත්කළා. එතුමා යෝජනා කළා බුදුසරණ පුවත්පත සිල් සමාදන් වන අයට නොමිලෙයේ ලබාදෙමු කියා. අද පටන් මේ විහාරස්ථානයේදී ආරම්භ වූ මේ සද්ක්‍රියාව ඉදිරියේදී ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා.

විහාරාධිපති වැළිවිටියේ සුමන හිමි, ලේක්හවුස් නීති අධ්‍යක්ෂක සිරිමෙවන් ඩයස් මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ සංකල්පය මත ක්‍රියාත්මක වන බුදුසරණ ඇතුළු ලේක්හවුස් පුවත්පත් සෑම විහාරස්ථානයකටම දහම් පඬුරක් ලෙස පිරිනැමීමට කැමැති දායක දායිකාවන්, ලේක්හවුස් අලෙවි නියෝජිතවරු හෝ ලේක්හවුස් පුවත්පත් සමාගමේ පුවත්-පත් බෙදාහැරීමේ අංශයේ ගයනි හා චම්පා මහත්මිහු දුරකතන අංක 01112429381 සම්බන්ධ කරගත හැක.

ගමේ පන්සලට "බුදුසරණ" පුවත්පත ධර්ම දානය සඳහා පිරිනැමීමට අදාළ ගම් ප්‍රදේශයේම පරිත්‍යාගශීලී සැදැහැවතුන් ඉදිරිපත් වන්නැයිද පරිත්‍යාගශීලීන් වෙත ආරාධනාවක් සිදු කරන ලදී.