Print this Article


කඩුවෙල කොරතොට රාජමහා විහාරය

කඩුවෙල කොරතොට රාජමහා විහාරය

කඩුවෙල කොරතොට ඓතිහාසික ශී‍්‍ර ශෛලාරාම රජ මහා විහාරස්ථානයේ ඉදිකළ අඩි 120 ක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ශී‍්‍ර සර්වඥ ධාතු මන්දිරය විවෘත කිරීමට සවස 3.00 ට ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති , මහා සද්ධම්ම, ජෝතිකාධජ, අචාර්ය නියංගොඩ ධර්ම කිර්ති ශී‍්‍ර සංඝරක්ඛිත විජිත සිරි අනුනාහිමියන්ගේ සහ කෝට්ටේ’ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ’ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකෙරේ. පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය වැඩම කරවීමෙන් සිදු කිරීමට නියමිතය.